මුදලේ සංසරණ ප්‍රවේගය
 

කිසියම් කාලයක් තුලදි මුදල් ඒකකයක් විනිමය මාධ්‍යක් වශයෙන් ක්‍රියා කිරිමේදි ගනු දෙනු පියවිම සදහා කිහිපවරක් අතිනත හුවමාරු වේ. එලෙස මුදල් ඒකකයක් හුවමාරු වන වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය යනුවෙන් හැදින්වේ. (මෙය ගනුදෙනු සංසරණ ප්‍රවේගය යනුවෙන්ද හදුන්වයි) යම් කාලයක් තුලදි මුදල් එකකයක් ගනු දෙනු සදහා භාවිතා වි ඇති සමාන්‍ය වාර ගණන මුදලේ සංසරණ ප්‍රවේගය මගින් දැක්වේ. මුදලේ සංසරණ ප්‍රවේගය මනිනු ලබන්නේ වර්තන මිල අනුව ගණනය කරන ලද දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම, මුදල් සැපයුමේ අනුපාතිකයක් වශයෙන් දැක්විමෙනි.

මුදලේ සංසරණ ප්‍රවේගය = වර්තම‍ාන මිල අනුව දළ ජාතික නිෂ්පාදිතය

මුදල් සැපයුම

මුදලේ සංසරණ ප්‍රවේගයෙහි වැදගත්කම පහත පරිදි දැක්විය හැකිය.
 

  • මුදල් එකකයක් මගින් ජනිත ‍ෙක‍ෙරන සාමාන්‍ය වියදම් ප්‍රමාළණය පෙන්නුම් කිරිම
  • ද්‍රවශිල වත්කමක් වශයෙන් මුදල් වල‍ට ඇති ඉල්ලුම (K) සහ මුදලේ සංසරණ ප්‍රවේගය (V) අතර සම්බන්ධතාවයක් පවතින බව පෙන්නුම් කිරිම . එනම්

K = 1/v

(c) Shilpa Sayura Foundation 2006-2017