මුදල් ඉල්ලුම‍‍ට බලපාන සාධක
 

මුදල් සැපයුම‍ට බලපාන සාධක බොහෝ දුර‍‍ට ‍ෙගා‍ඩනැගි ඇත්තේ කෙන්ස්ගේ ද්‍රවශිලතාවරණ මුල්‍ය න්‍යාය පදනම්කර ගෙන. ඒඅනුව මුදල් ඉල්ලුම‍ට බලපාන ප්‍රධාන සාධක තුනකි. එවා නම්





      • ගනු දෙනු චේතනාව
      • ආරක්ෂණ චේතනාව
      • සම්පේක්ෂණ චේතනාව


  • ගනු දෙනු චේතනාව:-

ජනතාව තම එදිනෙදා සාමාන්‍ය වියදම සදහා මුදල් ලග තබා ගැනිම‍ට ඇති කැමැත්ත ගනු දෙනු චේතනාව යනුවෙන් අදහස් වේ .
ගනු දෙනු චේතනාව සදහා මුදල් ඉල්ලුම යටතේ ආදයම් ඉහළ යන විට ගනු දෙනු මුදල් ඉල්ලුම වැඩිවේ. ආදායම් පහල යන වි‍ට ගනු දෙනු මුදල් ඉල්ලුම අඩු වේ.



  • ආරක්ෂණ චේතනාව :-

රැකිය‍ා මි විම, ලෙඩ රෝග, හදිසි අනතුරු ආදි අවිනිශ්චිත තත්ත්වයන්‍ට මුහුණ දිම සදහා මුදල් ලග තබා ගැනිමට ජනතාව දක්වන කැමැත්ත ආරක්ෂණ චේතනාව යන්නෙන් අදහස් වේ. පුද්ගලයන්ගේ ස්භාවය, ජිවන තත්ත්වය හා ආදායම් මට්ටම යනාදි සාධක මත ආරක්ෂක චේතනාව ය‍ටතේ පුද්ගලයන් ලග තබ‍ා ගන්නා මුදල් ප්‍රමාණය රදා පවති.



  • සම්පේක්ෂණ චේතනාව :-

අනාගතයේ ලාභ ලැබිමේ අරමුණින් සුරකුම්පත් ඇතුළු ‍අනෙකුත් ආයෝජන සදහා මුදල් යෙදවිමේ අරමුණින් මුදල් ලග තබා ගැනිමේ චේතනාව මෙයින් අදහස් වේ.

සම්පේක්ෂණ චේතනාව ය‍ටතේ මුදල් ඉල්ලුම, පොලී අනුපාතිකයේ සහ වත්කම් මිල ගණන් වල සිදු වන වෙනස් කම්වලට ප්‍රතිලෝමව වෙනස් වේ. මුදල් ඉල්ලුම වි‍ෙශ්ෂයෙන්ම පොලී අනුපාතිකයෙහි ශ්‍රිතයක් ලෙස සළකනු ලැබේ. ඉන් අදහස් වන්නේ, පොලී අනුපාතිකය ඉහළ යන විට. සමපේක්ෂණ චේතනාව ය‍ට‍ෙත් මුදල් ඉල්ලුම අ‍ඩුවන අතර පොළි අනුපාතිකය අ‍ඩුවන වි‍ට එය ඉහළ යන බවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017