කෙන්ස්ගේ ද්‍රවශිලතාවරණ න්‍යය
 

ජනතාව මුදල් සදහා ඉල්ලුම් කරන්නේ ඇයිද යන්න විග්‍රහ කිරිම සම්බන්ධයෙන් න්‍යායන් කිහිපයක් ඇති අතර එයින් වැදගත් න්‍යායක් වනුයේ ද්‍රවශිලතාවරණ න්‍යායට මෙය ඉදිරිපත් කළේ ඇම්. ජේ ‍කෙන්ස් විසින්ය. කෙන්ස් ද්‍රවශිලතාවරණ න්‍යායන් දක්වා සි‍ටියේ ගනු දෙනු චෙතනාව, ආරක්ෂණ ‍ෙච්තනාව සම්පේක්ෂණ චේතනාව යන හේතුන් තුන මගින් ජනතාව‍ෙග් මුදල් ඉල්ලුම තිරණය වන බවයි. මෙයින් ගනු දෙනු චේතනාව පිළිබද කෙන්ස් විසින් දක්වන ලද අදහස් සම්භාව්‍ය මුල්‍යවාදින්ගේ අදහස් වල‍‍ට සමාන වු අතර ආරක්ෂණ චේතනාව, සම්පේක්ෂණ චේතනාව මගින් ඔහු ඉදිරිපත් කළ කරුණු නව අදහස් වලින් යුක්ත විය. සම්පේක්ෂණ චේතනාව තනිකරම කෙන්ස්ගේම නව අදහසක් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017