මුදල් ඉල්ලුම
 

යම් කිසි අවස්ථාවක මහජනතාව මුදල් ලග තබා ගැනිම‍ට ඇති කැමැත්ත මුදල් ඉල්ලුම යනුවෙන් හැදින්වේ. මෙහිදි මුදල් යන්නෙන් අදහස් කරන්නේ M හෙවත් පටු මුදල්ය. මහජනයා සතු ව්‍යවහාර මුදල් (එනම් කාසි සහ නෝට්ටු ) සහ වාණිජ බැංකුවල ඇති මහජනයා සතු ඉල්ලුම තැන්පතු පටු මුදල් ලෙස සැළකේ.


මේ අනුව මුදල් ඉල්ලුම යනු යම් කිසි අවස්ථාවක මහජනතාව කාසි,නොට්ටු, ඉල්ලුම් තැන්පතු ආදි ලෙසින් මුදල් ලග තබා ගැනිමට ඇති කැමැත්ත යනුවෙන්ද, මුදල් ඉල්ලුම හදුන්වා දිය හැකිය.


මුදල් ලග තබා ගැනිමෙන් කිසිදු ආදායමක් නොලබේ. එසේ නම් මහජනතාව මුදල් ලග තබා ගන්නේ (මුදලට ඉල්ලුම් කරන්නේ )ඇයි?


ඇම්.ජේ ‍කෙන්ස් නම් ආර්ථික විද්‍යාඥයා දක්වන අන්දමට මහජනතාව මුදල් ළග තබා ගන්නේ ප්‍රධාන හේතු තුනක් නිසාය. ඒවා නම්, ගනු දෙනු චේතානාව, ආරක්ෂණ චේතනාව සහ සම්පේෂණ චේතනාව ය. මේවා මුදල් ඉල්ලුම‍ට බලපාන ප්‍රධාන හේතුන් ලෙස පිළිගැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017