යුරෝ මුදල්
 

ඕනෑම ආයතනයක්, යම් කිසි මුදල් වර්ගයකින්, එම මුදල් වර්ගය අයත් වන රටෙන් පි‍ටත වෙනත් ස්ථානයකදි ගනු දෙනු කරන්නේ නම් ඒවා යුරෝ මුදල් යනුවෙන් හැදින්වේ. මේ අනුව ශ්‍රි ලංකාවේ වාණජ බැංකු රුපියල් වලට අමතරව වෙනත් රටවල මුදල් වර්ගවලින් ශ්‍රි ලංකාව තුල පවත්වාගෙන යන තැන්පතු යුරෝ මුදල් තැන්පතු යනුවෙන් හැදින්වේ.
යුරෝ යන යෙදුම යම් කිසි ව්‍යවහ‍ාර මුදල් වර්ගයක නමක් ද සහිතව භ‍ාවිතා කරන අවස්ථා ද ඇත. නිදසුන් ලෙස, යුරෝ ඩොලර්, යුරෝ ‍ෙයන් යනාදිය දැක්විය හැකිය. මෙයින් අදහස් වන්නේ යම් කිසි ව්‍යවහර මුදල් වර්ගකින් යුරෝපීය බැංකු පවත්වාගෙන යන වි‍ට යුරෝ යන යෙදුම සහ එම අදාල මුදල් වර්ගයේ නම සම්බන්ධකර එම මුදල් වර්ගය හැදින්වෙන බවය. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් වලින් යුරෝපිය බැංකුවක තැන්පතුවක් ඇතඅ විට එහි ඇති මුදල් යු‍රෝ ඩොලර් යනුවෙන් ද, ජපන් යෙන් වලින් යුරෝපිය බැංකුවක තැන්පතුවක් ඇති විට එහි ඇති මුදල් යුරෝ යෙන් යනුවෙන්ද හැදින්වේ.
යුරෝලන්තය එළි දැකිමත් සමගම යුරෝ යන යෙදුම පරිස්සමින් වටහ‍ා ගැනිමට සැලකිලිමත් විය යුතුය. ඉහත දක්වා ඇති පරිදි යුරෝ යන යෙදුම මෙහිදි භාවිතා වනුයේ යුරෝලන්තයේ සංසරණය වන යුරෝ ව්‍යවහ‍‍ාර මුදල සම්බන්ධ අර්ථයෙන් නොවන වග වටහා ගැනිම වැදගත් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017