අධිබලැති මුදල්
 

අධිබලැති මුදල් මහ බැංකුවේ  ශුද්ධ මුල්‍ය  වගකිමක් ලෙස සැළකේ . අධිබලැති මුදල් හැදින්විමට, සංච්ත මුදල්, පදනම් මුදල්, මුදල් පදනම යනාදි යෙදුම්ද  ව්‍යවහර කෙරේ.
අධිබලැති මුදල් මහ බැංකු ශේෂ පත්‍රය ඇසුරෙන් හදුනා ගැනිමට පහසුය.  ඒ අනුව අධිබලැති මුදල් සැපයුම මහ බැංකු ශේෂ පත්‍රයේ වගකිම මුදල් කරගෙන භාවතීය අංශයෙන්ද, ශේෂ පත්‍රයේ වත්කම් මුදල් කර‍‍ෙගන මුලාශ්‍ර අංශයෙන් ද හදුනා ගත හැකිය. මෙම ක්‍රම දෙකෙන්ම ලැබෙන වටින‍ාකමේ එකතුව සම‍ාන වේ.

අධිබලැති මුදල් සැපයුමට අයත් ප්‍රධාන කොටස්



  • භාවිතීය  පදනම යටතේ අධිබලැති මුදල් සැපයුම


      • ව්‍යවහර මුදල්
      • මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු
      • මහ බැංකුව වෙතැති රජයේ ආයතන සතු තැන්පතු

 



  • මුලාශ්‍ර පදනම යටතේ අධිබලැති මුදල් සැපයුම

                    අධිබලැති මුදල් රටේ සමස්ථ මුදල් සැපයුමේ ප්‍රධාන කොටසකි. එබැවින් අධිබලති මුදල්, රටේ  මුදල් සැපයුමේ පදනම ලෙසද සැළකේ. අධිබලැති මුදල් නිකුතුව ක්‍රමවත් කිරිම  මගින් රටේ මුදල්  සැපයුමේ හැසිරිමද, වඩාත් කාර්යක්ෂම ලෙස පාලනය කළ හැකිය.  මහ බැංකුව සතු ශුද්ධ  විදේශ  වත්කම් මහ බැංකුව රජයට  දෙන ශුද්ධ ණය, මහ බැංකුව, වාණිජ බැංකුව, වාණිජ බැංකු ඇතුලු  අනිකුත්  මුල්‍ය ආයතන වලට  සපයන ණය, මහ බැංකුවේ  අනිකුත් වත්කම්  යනාදි සාධක අධිබලැති මුදල් සැපයුම කෙරෙහි බලපවත්වන ප්‍රධාන ස‍ධක ලෙස සැළකිමට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017