භාණ්ඩ හුවමාරුව
 

මුදල් භාවිතා කිරිමකින් තොරව භාණ්ඩ වලට, භාණ්ඩ හුවමාරු කර ගැනිම එසේ නැතහොත් භාණ්ඩවලින් භාණ්ඩ මිලට ගැනිම, භාණ්ඩ හුවමාරුව ලෙස සැළකේ. මෙය‍ට “සෘජු හුවමාරුව”  යනුවෙන්ද ව්‍යවහාර කෙරේ.


වර්තමානයේ දි භාණ්ඩ හුවමාරුව දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එහෙත් ආදි කාලයේ එක් යුගයකදි  පුද්ගලයන් තම අවශ්‍යතාව සපුරා ගත්තේ “භාණ්ඩ හුවමාරුව” ක්‍රමයටය. එකල පුද්ගලයන්ගේ  අවශ්‍යතාවය සීමා සහිත විම සහ ක්‍රමයෙන් වැඩි දියුණු වු පුද්ගල විශේෂිකරණය හේතු කොට ගෙන ඔවුන් අතර අතිරික්තයක් නිෂ්පාදිත භාණ්ඩ ඇති විය. එම අතිරික්තයක් භාණ්ඩ නිෂ්පාදනය තුළින් භාණ්ඩ හුවමාරුව සිදු විය. 

(c) Shilpa Sayura Foundation 2006-2017