හැදින්වීම
 

ආර්ථික විද්‍යාව, ප්‍රධාන විෂය ධාරා දෙකකට බෙදා දැක්වේ. එනම්,



  1. සුක්ෂම ආර්ථික විද්‍යාව. (Micro Economics)

  2. සාර්ව ආර්ථික විද්‍යාව. (Macro Economics)


සුක්ෂම ආර්ථික විද්‍යාව මගින් කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්‍යවල මිල න්‍යාය පිළිබද කරුණු හදාරනු ලැබේ. මේ අනුව සූක්ෂම ආර්ථික විද්‍යාවට විෂය වන කරුණු සදහා නිදසුන් ලෙස, තනි භාණ්ඩයක හෝ නිෂ්පාදන සාධකයක හෝ තනි පුදුගලයකුගේ හෝ තනි ව්‍යාපාරයක හෝ තනි කර්මාන්තයක හෝ ඉල්ලුම, සැපයුම, පිරිවැය, මිල තිරණය විම, ඵලදායීතාව තිරණය විම, යනාදා දැකිවිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017