නිදසුන
 

ගිණුම්කරණ අනුපාත 10 ක් දක්වා ඇත.



  1. ජංගම අනුපාතය
  2. මුළු වත්කම් ඉපැයුම්
  3. තොග පිරිවැටුම
  4. ණය ස්කන්ධ අනුපාතය
  5. කොටසක ඉපැයුම
  6. මිල ඉපැයුම් අනුපාතය
  7. ඉපැයුම් ඵලදාව
  8. පොලි ආවරණ අනුපාතය
  9. යෙදවු ප්‍රාග්ධනය මත ඉපැයිම්
  10. දළ ලාභ අනුපාතය

පහත සදහන් එකිනෙක කාර්ය සදහා භාවිතා කෙරෙන අනුපාතය කුමක් දැයි ඉහත ලැයිස්තුවෙන් තෝරා දක්වන්න.



  1. ලාභදායිත්වය මැනිම
  2. කෙටි කාලින ණය ගෙවිමේ හැකියාව
  3. මෙහෙයුම් ක්‍රියාකාරිත්වය මැනිම
  4. කොටසකට අදාළ ඉපැයිම් ප්‍රමාණය මැනිම
  5. ණය හිමියන්ගේ දිගු කාලින සුරක්ෂිතභාවය මැනිම
  6. ලාභාංශ ගෙවිමේ හැකියාව මැනිම
  7. ජංගම වගකිම් ගෙවා දැමිම සදහා ජංගම වත්කම්වලට ඇති හැකියාව මැනිම
  8. ව්‍යාපාරයකට යොදවන ලද ප්‍රාග්ධනයට ලැබෙන ප්‍රතිලාභ මැනිම
  9. කොටසක වෙළෙද මිලත් එම කොටසේ ඉපැයුමත් අතර ඇති සම්බන්ධතාවය මැනිම
  10. පොලි ගෙවිමට ව්‍යාපාරයකට ඇති හැකියාව මැනිම

9.5 විසදුම



  • ලාභදායිත්වය මැනිම - (මුළු වත්කම්වලට ඉපැයුම් අනුපාතය)
  • කෙටි කාලින ණය ගෙවිමේ හැකියාව මැනිම - (ජංගම අනුපාතය)
  • මෙහෙයුම් ක්‍රියාකාරිත්වය මැනිම - (තොග පිරිවැටුම් අනුපාතය)
  • කොටසකට අදාළ ඉපැයුම් ප්‍රමාණය මැනීම - (කොටසක ඉපැයුම් අනුපාතය)
  • ණය හිමියන්ගේ දිගු කාලින සුරක්ෂිතභාවය මැනිම - (ණය ස්කන්ධ අනුපාතය)
  • ලාභාංශ ගෙවිමේ හැකියාව මැනිම - (ලාභාංශ ආවරණ අනුපාතය)
  • විකුණුම් ආදායම තුළ ඇතුළත් වි ඇති දළ ලාභ ප්‍රතිශතය මැනිම - (දළ ලාභ අනුපාතය)
  • ව්‍යාපාරයකට යොදන ලද ප්‍රාග්ධනයට ලැබෙන ඉපැයුමත් අතර ඇති සම්බන්ධතාවය මැනිම - (මිල ඉපැයුම් අනුපාතය)
  • පොලි ගෙවිමට ව්‍යාපාරයකට ඇති හැකියාව මැනිම - (පොලි ආවරණ අනුපාතය)
  • කොටසක වෙළෙද මිලත් එම කොටසේ ඉපැයුමත් අතර ඇති සම්බන්ධතාවය මැනිම. (මිල ඉපැයුම් අනුපාතය)

(c) Shilpa Sayura Foundation 2006-2017