සපයා ඇති මුල්‍ය ප්‍රකාශවලින් ආරම්භක ණය ගැතියන්ගේ ප්‍රමාණය ද නොමැති අවස්ථාවක සාමාන්‍ය ණය ගැතියන් වෙනුවට අවසාන ණය ගැතියන්ගේ ප්‍රමාණය පමණක් යොදා ගන්නා බව සලකන්න. එමෙන්ම ණයට විකුණුම් ප්‍රමාණය ගණනය කිරිමට නොහැකි තත්ත්වයක් ඇති විට ඒ වෙනුවට මුළු විකුණුම් ප්‍රමාණය යොදා ගන්නා බව සලකන්න.
ණය ගැති පිරිවැටුම් අනුපාතය = 640,000
40,000
= 16
සාමාන්‍ය ණය එකතු කිරිමේ කාලය = සාමාන්‍ය ණය ගැතියෝ × දින 365
ණයට විකුණුම්
මෙම අනුපාතය පහත සදහන් පරිදි ද ගණනය කළ හැකිය.
සාමාන්‍ය ණය එකතු කිරිමේ කාලය = දින 365
= ණය ගැති පිරිවැටුම් අනුපාතය
සාමාන්‍ය ණය එකතු කිරිමේ කාලය = 40,000 × 365
640,000
හෝ
= 365
16
= දින 22.81
මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය = විකුණුම්
මුළු වත්කම්
මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය = 960,000
957,000
= 10
මෙහිදි විකුණුම් ලෙස යොදා ගැනෙන්නේ මුළු විකුණුම් ය. එනම්, ණයට හා අත්පිට විකුණුම්වල එකතුවය. ණයට විකුණුම් දි නැත්නම් දි ඇති විකුණුම් ප්‍රමාණය පමණක් යොදා ගනු ලැබේ. වත්කම් ලෙස යොදා ගන්නේ ශේෂ පත්‍රයේ වත්කම් පැත්තේ මුළු එකතුවය.
ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය = විකුණුම්
මුළු වත්කම්
ස්ථාවර වත්කම් පිරිවැටුම් අනුපාතය = 960,000
740,000
= 1.29
මෙහිදි ස්ථාවර වත්කම් අගය ලෙස ස්ථාවර වත්ක්ම්වල පිරිවැය අගය සැලකිල්ලට ගෙන ඇති බව සලකන්න.
ණය ස්කන්ධ = ස්ථිර පොලි හිමිකම් සහිත ප්‍රාග්ධනය
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය
මෙහිදි ස්ථිර පොලි හිමිකමක් සහිත ප්‍රාග්ධනය ලෙස වරණීය කොටස් ප්‍රාග්ධනය, ණයකර,දිගුකාලින ණය යන අයිතමවල එකතුව ගැනේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ලෙස සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, සංචිත යන අයිතමවල එකතුව ගැනේ.
ණය ස්කන්ධ අනුපාතය = 310,000
520,000
= 0.59
මුළු ප්‍රාග්ධන ණය අනුපාතය = ස්ථිර පොලියක් ලැබෙන ප්‍රාග්ධනය × 100
මුළු ප්‍රාග්ධනය
ස්ථිර පොලියක් ලැබෙන ප්‍රාග්ධනය ලෙස වරණිය කොටස් ප්‍රාග්ධනය, ණයකර, වෙනත් දිගු කාලින ණය ආදියෙහි එකතුව ගැනේ. මුළු ප්‍රාග්ධනය ලෙස සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, වරණිය කොටස් ප්‍රාග්ධනය, සංචිත, ණයකර, දිගුකාලින ණය ආදියෙහි එකතුවය.
මුළු ප්‍රාග්ධනයට ණය අනුපාතය = 310,000 × 100
830,000
= 37.34%
පොලි ආවරණ අනුපාතය = බදු පෙර ශුද්ධ ලාභය + පොලිය
පොලිය
පොලි ආවරණ අනුපාතය = 120,000 + 15,000
15,000
= 9 වරක්
කොටසක ඉපැයුම් අනුපාතය = බදු පසු ශුද්ධ ලාභය - වරණිය ලාභාංශ
නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් සංඛ්‍යාව
කොටසක ඉපැයුම් අනුපාතය = 90,000 – 10,000
45,000
= 1.77
මිල ඉපැයුම් අනුපාතය = කොටසක වෙළෙද වටිනාකම
කොටසක ඉපැයුම්
කොටසක ඉපැයුම් අනුපාතය = 26.55
1.77
= 15
(මෙහි දි කොටසක වෙළෙද වටිනාකම 9.4 නිදසුනේ දි ඇත.)
ඉපැයුම් ඵලදා අනුපාතය = කොටසක ඉපැයුම් × 100
කොටසක වෙළෙද වටිනාකම
ඉපැයුම් ඵලදා අනුපාතය = 1.77 × 100
26.55
= 6.6%