විසදුම 03
 

මෙම අනුපාතය ගණනය කිරිමේ දි ශුද්ධ වත්කම් ලෙස සැලකෙන්නේ මුළු වත්කම්වලින් ජංගම වගකිම් අඩු කළ පසු ලැබෙන අගයයි. (957,000 – 127,000 = 830,000)


අයිතිකරුවන්ගේ (ස්කන්ධ) ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය ස්කන්ධ (හිමිකම්) ප්‍රාග්ධනයට ඉපැයුම් අනුපාතය


                                        =      බදු පසු ශුද්ධ ලාභය - වරණීය ලාභාංශ  × 100
                                                සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය + සංචිත


අයිතිකරුවන්ගේ (ස්කන්ධ) ප්‍රාග්ධනයට ප්‍රතිලාභ අනුපාතය


                                                =       90,000 10,000 × 100
                                                        450,000 + 70,000


                                                =       15.38%


තොග පිරිවැටුම් අනුපාතය              =      විකුණුම් භාණ්ඩවල පිරිවැය
                                                      සාමාන්‍ය තොගය


මෙහිදි සාමාන්‍ය තොගය පහත සදහන් ආකාරයට ගණනය කරනු ලැබේ.


          සාමාන්‍ය තොගය             =       ආරම්භක තොගය + අවසාන තොගය
                                                                                    2


තොග පිරිවැටුම් අනුපාතය          =       720,000
                                                          145,000
                            
                                                =       වාර 4.96
       
මෙයින් අදහස් වන්නේ භාණ්ඩ තොගය එම වර්ෂය තුළදි විකුණුම් බවට පත් වි ඇති වාර ගණනයි. එනම් වාර 4.96

සාමාන්‍ය තොගය ගණනය කිරිම          140,000 + 150,000   = 145,000
                                                                       2


තොගය රදවා ගැනිමේ කාලය =                  365
     


තොග පිරිවැටුම් අනුපාතය


මෙම අනුපාතය තවත් ආකාරයකට ද ගණනය කළ හැකිය. එනම්,


තොග රදවා ගැනිමේ කාලය   =      සාමාන්‍ය තොගය        × දින 365
                                            විකුණුම් භාණ්ඩවල පිරිවැය


තොග රදවා ගැනිමේ කාලය        =       365
                                                       වාර 4.96                    හෝ
                            
                                                =145,000    × 365
                                                720,000
                  
                                                = දින 73.58


ණයගැති පිරිවැටුම් අනුපාතය  =      ණයට විකුණුම්
                                              සාමාන්‍ය ණයගැතියෝ


සාමාන්‍ය ණය ගැතියෝ පහත සදහන් පරිදි ගණනය කළ හැකිය.


සාමාන්‍ය ණය ගැතියෝ    =       ආරම්භක ණය ගැතියෝ +අවසාන ණය ගැතියෝ
                                                                                        2

(c) Shilpa Sayura Foundation 2006-2017