විසදුම 02
 

මෙහිදි ද්‍රවශිල වත්කම් ගණනය කෙරෙන්‍නේ තොගය, ඉදිරියට ගෙවු වියදම් ආදි මුදල් බවට ඉක්මනින් පරිවර්තනය කළ නොහැකි වත්කම්, මුළු ජංගම වත්කම්වලින් අඩු කිරිමෙන් ය.


ද්‍රවශීල වත්කම් = මුළු ජංගම වත්කම් - (අවසන් තොග + කලින් ගෙවු වියදම්)
200,000 = 278,000 – (160,000 + 18,000)


දළ ලාභ අනුපාතය        =      දළ ලාභය   ×  100
                                විකුණුම්


දළ ලාභ අනුපාතය  =       240,000  × 100
                                      960,000


ශුද්ධ ලාභ අනුපාතය     =     ශුද්ධ ලාභය  × 100
                                විකුණුම්


ශුද්ධ ලාභ අනුපාතය         =      120,000  × 100
                                      960,000
                             =       12.5%


ශුද්ධ ලාභ අනුපාතය ගණනය කිරිමේදි ශුද්ධ ලාභය ලෙස බදු අය කිරිමට මෙහෙයුම් කටයුතුවලින් ලැබු ශුද්ධ ලාභය යොදා ගැනේ.


මුළු වත්කම් ප්‍රතිලාභ අනුපාතය (මුළු වත්කම්වලට ඉපැයුම් අනුපාතය)


                                =      බදු පසු ශුද්ධ ලාභය + පොලිය  ×  100
                                                මුළු වත්කම්


මුළු වත්කම් ප්‍රතිලාභ අනුපාතය    =       90,000 + 15,000  × 100
                                                                 957,000
                                                =       10.97%


මෙම අනුපාතය ගණනය කිරිමේ දි මුළු වත්කම් ලෙස ස්ථාවර වත්ක්ම්වලත් ජංගම වත්කම්වලත් එකතුව යොදා ගැනේ.


ශුද්ධ වත්ක්ම අනුපාතය (ශුද්ධ වත්ක්මවලට ඉපැයුම් අනුපාතය)


                                        = බදු පසු ශුද්ධ ලාභය + පොලිය  × 100
                                                   ශුද්ධ වත්කම්


ශුද්ධ වත්ක්ම අනුපාතය         =       90,000 + 15,000 × 100
                                                       830,000


                                             =       12.65%

(c) Shilpa Sayura Foundation 2006-2017