ගිණුම් සංසන්දනය කිරිමේ ක්‍රම
 

ගිණුම් අනුපාත ගණනය කිරිමෙන් පමණක් ව්‍යාපාරයක මුල්‍ය තත්ත්වය හා ක්‍රියාකාරිත්වය පිළ්බදව අවබෝධයක් ලැබිම අපහසුය. ඒ සදහා එම අනුපාත තවත් අනුපාත සමග සංසන්දනය කර සලකා බැලිම ද අවශ්‍ය වේ. ගිණුම් අනුපාත සංසන්දනය කළ හැකි ප්‍රධාන ක්‍රම පහත දැක්වේ.



  1. සලකා බලන ආයතනයේ ම අතිත කාලච්ඡේදවලට අයත් අදාළ ගිණුම්කරණ අනුපාත සමගසැසදිම.
  2. සලකා බලන ආයතනයට සමාන වෙනත් ආයතනවල අනුපාත සමග සැසදිම.
  3. සලකා බලන ආයතනයේ ඇතුළත් වන කර්මාන්තයේ අනුපාත සමග සසදා බැලිම.
  4. පුරෝකථනය කර ඇති ගිණුම්කරණ අනුපාත සමග හෝ සම්මත ගිණුම්කරණ අනුපාත සමග හෝ සලකා බලන ආයතනයේ අනුපාත සැසදිම.

ගිණුම්කරණ අනුපාතවල වාසි



  1. දත්ත විශාල සංඛ්‍යාවක් සාරාංශ කර ඉදිරිපත් කිරිමට පුළුවන් විම.
  2. ව්‍යාපාරයක ලාභදායිත්වය හා කාර්යක්ෂමතාව පහසුවෙන් අව‍බෝධ කර ගැනිම සදහා උපයෝගි කර ගත හැකි විම.
  3. මූල්‍ය ප්‍රකාශවල එක් එක් සංඛ්‍යා පමණක් සැලකිල්ලට ගැනිමෙන් සිදුවිය හැකි වැරදි වැටහිම්වලින් මිදිමට හැකි විම.
  4. අනාගත සැලසුම් සකස් කිරිම සදහා උපකාරි කර ගත හැකි විම.
  5. ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය සහ ක්‍රියාකාරිත්වය පිළිබද තිරණවලට පහසුවෙන් හා ඉක්මනින් එළඹීම සදහා උපකාරි කර ගත හැකි විම.
  6. ආයතනයේ හෝ අනෙකුත් ආයතනවල හෝ ගිණුම්කරණ දත්ත සමග ද පසුගිය වර්ෂවලට අයත් ගිණුම්කරණ දත්ත සමග ද සැසදිමට හැකි විම.
  7. කාර්යක්ෂම ලෙස තොරතුරු සන්නිවේදනයක් සදහා උපයෝගි කර ගත හැකි විම.
  8. ආයතනයේ සහ අනෙකුත් ආයතනවල ප්‍රවණතා පහසුවෙන් අවබෝධ කර ගැනිම සදහා ගත හැකි විම.

(c) Shilpa Sayura Foundation 2006-2017