අනුපාත ඇසුරින් ගිණුම් වාර්තා අර්ථකථනය
 

මුදල් ප්‍රකාශවල ඇතුළත් අයිතමවල සම්බන්ධතාව අධ්‍යනය කිරිම තුළින් ආයතනවේ මුල්‍යමය ශක්තිය හා දුර්වලකම් හදුනාගත හැකිය. මේ සදහා යොදා ගත හැකි ප්‍රධාන ශිල්පීය ක්‍රම කිහිපයක් පහත දැක්වේ.



  1. ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය (මුල්‍ය අනුපාත විශ්ලේෂණය)
  2. පොදු ප්‍රමාණ මුල්‍ය ප්‍රකාශ
  3. සංසන්දනාත්මක මූල්‍ය ප්‍රකාශ
  4. මූල්‍ය තත්ත්වය වෙනස් විම පිළිබද ප්‍රකාශ (අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ)

ගිණුම්කරණ අනුපාත විශ්ලේශණය (මූල්‍ය අනුපාත විශ්ලේෂණය)


ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය හා ක්‍රියාකාරිත්වය හදුනා ගැනිම සදහා ගිණුම්කරණ අනුපාත යොදා ගැනිම, ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය යනුවෙන් හැදින්වේ.


ගිණුම්කරණ අනුපාත (මූල්‍ය අනුපාත)


ගිණුම්කරණ දත්ත දෙකක් අතර ඇති සම්බන්ධතාව ගණිතමය ආකාරයෙන් ඉදිරිපත් කිරිම ගිණුම්කරණ අනුපාතයක් යනුවෙන් හැදින්වේ.


ගිණුම්කරණ අනුපාත ඉදිරිපත් කළ හැකි ක්‍රම කිහිපයක් ඇත. එනම්,



  1. භාග සංඛ්‍යාවක් ලෙස
  2. අනුපුරකයක් ලෙස
  3. ප්‍රතිශතයක් ලෙස

(c) Shilpa Sayura Foundation 2006-2017