සිමිත නිලුක සමාගමේ කළමනාකරණාකාරිත්වය විසින් පහත සදහන් තොරතුරු ලබා දි ඇත.
- ඇස්තමේන්තු විකුණුම්
ජුලි රු.120,000, අගෝස්තු රු.200,000, සැප්තැම්බර් රු.250,000 මුළු විකුණුම්වලින් 50% ක් අත්පිට මුදලට වේ. ඉතිරි 50% ඉදිරි මාස දෙක තුළදි සමාන කොටස්වලින් එකතු කර ගනි.
- සෑම මාසයකම ගැනුම් පිරිවැය එම මාසයේ විකුණුම්වලින් 60% කි. මිලට ගත් මාසයේ දි 50% ක් ද, ඉතිරිය ඊට පසු මාසයේ දි ද වශයෙන් ගෙවිම් සිදු කෙරේ.
- මාසයක මුළු පොදු කාර්ය පිරිවැය රු. 25,000 ක් හා එම මාසයේ විකුණුම් වටිනාකමින් 10% කට සමාන වේ. පොදු කාර්ය පිරිවැයෙන් 20% ක සමාන ප්‍රමාණයක් මාසික ස්ථාවර වත්කම් ක්ෂය විම් වේ. පොදු කාර්ය පිරිවැය සදහා ගෙවිම් සිදු කරනුයේ එය ඇති වු මාසයට පසු මාසයේ දිය.
- 2000 සැප්තැම්බර් මාසය තුළදී වසරේ අවසාන කාර්තුව සදහා ගොඩනැගිලි කුලිය ලෙස රු.60,000 ක් ගෙවිය යුතුය.
- 2000 සැප්තැම්බර් 01 දිනට මුදල් ශේෂය රු.10,000 කි. සමාගම අවම වශයෙන් රු. 5,000 මුදල් ශේෂයක් පවත්වා ගෙන යෑමට බලාපොරොත්තු වන අතර සමාගමට අවශ්‍ය ඕනෑම මුදල් ප්‍රමාණයක් ණයක් ලෙස ලබා ගැනිමට හැකියාව ඇත.
අවශ්‍ය වන්නේ,
- 2000 සැප්තැම්බර් මාසය සදහා මුදල් අයවැය ලේඛනය පිළියෙළ කරන්න.
- 2000 සැප්තැම්බර් 30 දිනට පහත සදහන් ශේෂ ගණනය කර දක්වන්න.
වෙළෙද ණය ගැතියෝ
වෙළෙද ණය හිමියෝ
උපචිත පොදු කාර්ය වියදම්