සුමුදු ආයතනය හා බැදි අයවැයගත තොරතුරු සමහරක් පහත දැක්වේ.
රු. මිලියන
විකුණුම් ගැනුම් පරිපාලනවියදම්
2002 අප්‍රේල් 150 80 26
මැයි 140 160 24
ජුනි 120 60 30
- එක් එක් මාසයක මුළු විකුණුම්වලින් 80% ක් අත්පිට මුදලකට වේ. ඉතිරි 20% ණයට වේ. ණය ගැතියෝ ඔවුන්ගේ ණය විකුණුම් සිදු වු මාසයකට පසු එළඹෙන මාසය තුළ දි ගෙවා නිම කරති. මාර්තු මාසයේ විකුණුම්වල මුළු වටිනාකම රුපියල් මිලියන 90 කි.
- සැපයුම්කරුවන් විසින් ගැනුම් සදහා ලබා දෙන ණය කාල සිමාව මාසයකි. මෙම කාලය තුළදි සම්පුර්ණ ගෙවිම කළ හොත් 10% වට්ටමක් ලැබෙනු ඇත. සමාගම මෙම වට්ටම අඛණ්ඩ ව ලබා ගැනිමට අපේක්ෂා කරයි. මාර්තු මාසයේ ගැනුම්වල මුළු වටිනාකම රුපියල් මිලියන 100 කි.
- පරිපාලන වියදම් ඒ ඒ මාසයේ දි ම ගෙවා නිම කරන අතර මාසික ක්ෂය ප්‍රමාණය වන රුපියල් මිලියන 4 මෙම පරිපාලන වියදම් තුළ ඇතුළත් වේ.
2002 අප්‍රේල් මාසයේ ආරම්භක මුදල් ශේෂය රුපියල් මිලියන 20 කි.
අවශ්‍ය වන්නේ :
2002 අප්‍රේල්, මැයි, සහ ජුනි මාස සදහා වු මුදල් අයවැය ලේඛනය මාසික තිරු ක්‍රමයට පිළියෙළ කිරිම.