නිදසුන 01
 

සිමිත කැලුම් සමාගම 2003 මැයි මස 01 දින ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමට බලාපොරොත්තු වේ. 2003 ජුලි 31 දක්වා වන මාස තුනක කාලය සදහා අපේක්ෂිත ගනුදෙනු පහත දක්වා ඇත.



  1. මැයි 01 දින රු.10 සාමාන්‍ය කොටස් 100,000 ක් සම මිලට නිකුත් කර අයදුම සමග සම්පුර්ණ මුදල් එකත් කර ගනු ඇත.
  2. මැයි 10 දින රු. 300,000 වටිනා අපකරණ හා ලි බඩු අත්පිට මුදලට ගනු ඇත.
  3. මැයි 01 දින එකක් රු. 500,000 බැගින්, බෙදා හැරිම සදහා යොදා ගන්නා වෑන් රථ දෙකක් අත්පත් කර ගනි. එක් වාහනයක් සදහා රු. 50,000 ක අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු වේ. ඉතිරිය මැයි 31 දිනෙන් ඇරඹෙන මාසික වාරික 10 කින් ගෙවනු ඇත. පොලි ගෙවිම් නොසලකා හරින්න.
  4. ව්‍යාපාරයේ ආරම්භක භාණ්ඩ තොගය රු.300,000 (ඒකකයක් රු. 30 බැගින්) මැයි මාසය ආරම්භයේ දි ම මිලට ගනු ඇත. ඊට පසු ද ඒකකයක් රු. 30 බැගින් භාණ්ඩ මිලයට ගනු ගබන අතර මෙම ආරම්භක තොග මට්ටම සැම මාසයක් අවසානයේ ම පවත්වා ගත යුතු ය. මේ සෑම ගැනුමක් ම ණයට ගැනුම් වන අතර භාණ්ඩ ගත් මාසයට පසු මාසයේ සැපයුම්කරුවනට මුදල් ගෙවා නිම කරනු ඇත.
  5. සියලු විකුණුම් ණයට වන අතර ඒකකයක් විකුණුම් මිල රු. 50 කි.

පුරෝකථනය කළ විකුණුම් :


මැයි : ඒකක 60,000
ජුනි : ඒකක 70,000
ජුලි : ඒකක 80,000


විකුණුම් සදහා ණයගැතියන් මුදල් ගෙවනු ලබන්නේ විකුණුම් සිදු වු මාසයට පසුව එළඹෙන දෙවැනි මාසයේදිය.



6. පරිපාලන වියදම්, විකුණුම් 5% ක් වෙතැයි අපේක්ෂා කරන අතර ඒවා දරන මාසයේ ම ගෙවනු ඇත.


අවශ්‍ය වන්නේ,


2003 මැයි, ංුනි සහ ජුලි මාස සදහා වු ම්දල් අයවැය ලේඛනය මාසික තිරු ක්‍රමයට පිළියෙළ කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017