මුදල් අයවැය ලේඛනය
 

නිෂ්චිත අනාගත කාලසිමාවක් තුළදි ව්‍යාපාරයට ලැබේ වි යැයි අපේක්ෂා කරන මුදල් ප්‍රමාණය ද ව්‍යාපාරයෙන් ගෙවිමට සිදුවේ යැයි අපේක්ෂා කරන මුදල් ප්‍රමාණය ද දැක්වෙන සංක්ෂිප්ත ප්‍රකාශය, මුදල් අයවැය ලේඛනය යනුවෙන් හැදින්වේ.


මුදල් අයවැය ලේඛනය පිළියෙළ කිරිමේ වාසි



  1. අයවැය ලේඛනය මගින් අයවැය ලේඛනයට අදාළ කාලසිමාව තුළ කිසියම් අවස්ථාවකදි මුදල් හිගයක් පෙන්නුම් කරන්නේ නම්, එම හිගය පියවිමට අවශ්‍ය මුදල් සපයා ගැනිමට වැඩ පිළිවෙළක් කල් තියාම සකස් කර ගැනිමට පුළුවන.
  2. අයවැය ලේඛන කාලච්ඡේදය තුළදි අතිරික්ත ම්දල්ප්‍රමාණයක් ව්‍යාපාරය තුළ පැවතිය හැකි බව පෙන්නුම් කරන්නේ නම්, එම අතිරික්ත මුදල් ළඵලදායි අන්දමින් ආයෝජනය කිරිමේ වැඩසටහන් සකස් කර ගැනිමට පුළුවන.
  3. අනෙකුත් ආංශික අයවැය ලේඛන පිළියෙළ නොකර මුදල් අයවැය ලේඛනය පමණක් පිළියෙළ කරන්නේ නම්, ව්‍යාපාරයේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මුදල් පවති ද යන්න පිළිබද අවබෝධයක් එම මුදල් අයවැය ලේඛනය මගින් ලබා ගැනිමට පුළුවන.
  4. ආයතනයේ විවිධ දේපාර්තමේන්තු අතර මනා සම්බන්ධීකරණයක් සහ සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට මුදල් අයවැය ලේඛනය මගින‍් ද උපකාරයක් ලැබෙනු ඇත.
  5. බැංකු හා මුල්‍ය ආයතනවලින් ණය ලබා ගැනිමේදි ව්‍යාපාරයේ මුල්‍ය තත්ත්වය සනාථ කිරිම සදහා මුදල් අයවැය ලේඛනය ද ඉදිරිපත් කළ හැකිය.

මුදල් අයවැය ලේඛනයක සාමාන්‍යයෙන් දක්නට හැකි මුදල් ලැබිම් හා මුදල් ගෙවිම් මාර්ග


අපේක්ෂිත මුදල් ලැබිම     :         අත්පිට විකුණුම්
                                                ණයගැතියන්ගෙන් ලැබිම්
                                                වෙනත් ආදායම් (ස්ථාවර වත්කම් විකිණිම්, ණය ලබා
                                                ගැනිම්)


අපේක්ෂිත මුදල් ගෙවිම්    :         අත්පිට ගැනුම්
                                                ණය හිමියන්ට ගෙවිම්
                                                වැටුප් ගෙවිම්
                                                ආයතන හා පරිපාලන වියදම්
                                                විකිණිමේ හා බෙදා හැරිමේ වියදම්
                                                මුල්‍ය වියදම්
                                                ස්ථාවර වත්කම් මිලදි ගැනිම්
                                                ණය ආපසු ගෙවිම්
                                                බදු, ලාභාංශ, පොල‍ි යනාදිය ගෙවිම්


මුදල් අයවැය ලේඛනයක ආකාතියක්


                                                සිමාසහිත.........................සමාගම
                                                ....................දිනෙන් අවසන් මාස තුන සදහා
                                                          මුදල් අයවැය ලේඛනය































 


ජනවාරි


පෙබරවාරි


මාර්තු


මුළු ගණන


ආරම්භක මුදල් ශේෂය
මුදල් ලැබිම්


      අත්පිට විකුණුම්
      ණයගැතියන්ගෙන් ලැබිම්
      ස්ථාවර වත්කම් විකිණ්ම්


 


අඩු කළා
මුදල් ගෙවිම්


    සැපයුම්කරුවනට ගෙවිම්
    වේතන හා වැටුප් ගෙවිම්
    විවිධ වියදම් ගෙවිම්
    ආදායම් බදු ගෙවිම්
    මෝටර් වාහනය ගැනුම්


අවසාන මුදල් ශේෂය


 


 


         xxx
           xx
              -


 


 


      xxx
          x
        xx


 


 


     xxx
     xxx
          -


 


 


    x xxx
       xxx
        


      x xxx


      xxx


    xxxx


  xx xxx


 


 


      xxx
      xxx
        xx
      xxx
           -
    x xxx


 


 


        xx
      xxx
        xx
      xxx
           -
    x xxx


 


 


       xx
     xxx
       xx
     xxx
xx xxx
xx xxx


 


 


        xxx
     x xxx
        xxx
        xxx
   xx xxx
 xx xxx


       xxx


       xxx


     xxx


      xxx


මෙම ආකාතිය අනුව මුදල් අයවැය ලේඛනය පිළියෙළ කර ඇත්තේ මාස තුනක කාලපරිච්ඡේදයක් සදහා ය. එසේ වුවත් භාවිතයේ දි මාස කිහිපයකට හෝ අර්ධ වාර්ෂිතව හෝ වාර්ෂිකව හෝ යනාදි වශයෙන් විවිධ ආකාර වු කාලපරිච්ඡේද සදහා මුදල් අයවැය ලේඛනයක් පිළියෙළ කිරිමට පුළුවන.

(c) Shilpa Sayura Foundation 2006-2017