කළමණාකරන ගිණුම්කරනයේ විෂය ක්ෂේත්‍රය පිරිවැය ගිණුම්කරනයේ විෂය ක්ෂේත්‍රයට වඩා බෙහෙවින් විශාල වේ.පිරිවැය ගිණුම්කරනයේ දී ප්‍රධාන වශයෙන්ම පිරිවැය තොරතුරු සම්බන්දයෙන් අවධානය යොමු කෙරේ.එහෙත් කළමණාකරන ගිණුම්කරනයේ දී පිරිවැය, ආදායම් යන අංශ දෙකම ෙකරෙහි අවධානය යොමු කෙරේ.
පිරිවැය ගිණුම්කරනය කලමණාකරන ගිණුම්කරනයේ එක් අංශයක් ලෙස සලකනු ලැබේ. කළමණාකරන ගිණුම්කරණයට අවශ්‍ය පිරිවැය ගිණුම්කරන තොරතුරු සියල්ලම පිරිවැය ගිණුම්කරනයෙන් ලබා ගැනීම ඊට හේතුව ය.
කළමනාකරන ගිණුම්කරනය, පිරිවැය ගිණුම්කරනය යන ගිණුම්කරන වර්ග දෙකෙන් ම තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ ආයතනයේ අභ්‍යන්තර පාර්හ්ව වන කළමණාකරුවන්ට ය.