කළමනාකරණ ගිණුම්කරණය
 

කළමණාකරුවන්ට සිය කළමණාකාරීත්ව කටයුතු කාර්යයක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ඉටු කිරීමට උපකාරී වන ආකාරයට ගණකාධිකරණ තොරතුරු ඔවුන් වෙත ඉදිරිපත් කිරීම, කළමනාකරණ ගිණුම්කරණය ලෙස හැදින් වේ.


කළමනාකරණ ගිණුම්කරණය සහ මුල්‍ය ගිණුකරණය අතර ඇති වෙනස් කම්



  1. මූල්‍ය ගිණුම්කරණයේ දී අභ්‍යන්කර හා භාහිර පාර්ශ්වයන් වෙත ගණකාදිකරන තොරතුරු සැපයීම සිදුවේ. කළමණාකරන ගිණුම්කරනයේ දී ආයතනයේ අභ්‍යන්කර පාර්ශ්ව වන කළමණාකරුවන් වෙත තෙරතුරු සැපයීම සිදු වේ.
  2. මූල්‍ය ගිණුම්කරනයේ දී අතීත තොරතුරු සම්බන්දයෙන් අවදානය යොමු කෙරේ. එනම්, ගනුදෙනු වාර්තා කර ඒවයේ ප්‍රතිඵල සාරාංශ ගත කර ඉදිරිපත් කරයි.

කළමනාකරණ ගිණුම්කර‍ණයේදි වර්තමානයත්, අනාගතයත් කෙරෙහි සැලකිල්ල යොමු කරයි. ඒ අනුව ‍ෙඑතිහාසික තොරතුරුත්, අනාගත ඇස්තමේන්තුගත තොරතුරුත් උපයෝගි කර ගනිමින් අනාගත තිරණ ගැනිම්වලට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරයි.



3. මුල්‍ය ගිණුම්කරණ කටයුතු බොහෝ විට නීතියෙන් ම අනිවාර්ය කර ඇත. එහෙත් කළමනාකරණ ගිණුම්කරණ කටයුතු සම්බන්ධයෙන් එවැනි නිතිමය අනිවාර්ය කිරිමක් නැත.


4. මුල්‍ය ගිණුම්කරණයේදි පිළිගත් ගණකාධිකරණ මුලධර්ම හා සම්ප්‍රදායන් අනුගමනය කිරිමට සිදුවේ. එහෙත් කළමනාකරණ ගිණුම්කරණයේදි පිළිපැදිය යුතු බවට විශේෂයෙන් දක්වා ඇති ගණකාධිකරණ මුලධර්ම හා සම්ප්‍රදායන් නොමැත.


5. මුල්‍ය ගිණුම්කරණයේ දි බොහෝ විට කාලපරිච්ඡේදයක් සදහා ගිණුම් වාර්තා ඉදිරිපත් කෙරේ. එහෙත් කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් කාලසිමාව පිළිබද විශේෂ නියමයක් නැත.


6. මුල්‍ය ගිණුම්කරණයේදි මුදලින් මැනිය හැකි ආර්ථික සිද්ධීන් කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. කළමනාකරැණ ගිණුම්කරණයේදි තාක්ෂණික ක්‍රමවල ඇති වු වෙනස්කම් යනාදි මුදලින් මැනිය නොහැකි කරුණු කෙරෙහි ද අවධානය යොමු කෙරේ.


7. ආයතනයේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබද තොරතුරු සාරාංශගත කර ඉදිරිපත් කිරිම ගිණුම්කරණයේදි සිදු වේ. එහෙත් කළමනාකරණ ගිණුම්කරණයේදි එක් එක් දේපාර්තමේන්තු, එක් එක් අංශ, එක් එක් කාර්යය, එක් එක් භාණ්ඩ යනාදි වශයෙන් තොරතුරු වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017