බැසිල් සමාගම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයනට අනුව ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයකි. මෙම ආයතනය නිෂ්පාදන දේපාර්තමේන්තු දෙකකින් හා සේවා දේපාර්තමේන්තු දෙකකින් සමන්විත ය. ඉදිරි කාල පරිච්ඡේදයක් සදහා පිරිවැය ඇස්තමේන්තු පහත දැක්වේ.
නිෂ්පාදන දේපාර්තමේන්තුව සේවා දේපාර්තමේන්තුව
A B C
පොදු කාර්ය පිරිවැය රු.’000 රු.’000 රු.’000
වක්‍ර ද්‍රව්‍ය 240 90 15
වක්‍ර වේතන 180 60 10
වක්‍ර වියදම් 15 10 5
අනෙකුත් පොදු කාර්ය පිරිවැය රු.’000
යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ක්ෂය කිරිම් 200
කුලි, වර්පණම් හා විදුලිය 150
සේවක සුභසාධන වියදම් 100
වෙනත් අදාළ තොරතුරු
දේපාර්තමේන්තුව
A B S
යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ගැනුම් (රු’000) 1,250 700 50
බිම් ප්‍රමාණය (වර්ග මිටර) 30,000 15,000 5,000
සේවක සංඛ්‍යාව 30 15 5
සෘජු ශ්‍රමය (පැය) 37,000 33,500 -
සේවා දේපාර්තමේන්තුව, නිෂ්පාදන දේපාර්තමේන්තුවලට සමාන ව සේවා සපයයි.
අවශ්‍ය වන්නේ,
- අනෙකුත් පොදු කාර්ය පිරිවැය දේපාර්තමේන්තු අතර විභාජනය කරන්න.
- සේවා දේපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය A හා B දේපාර්තමේන්තු අතර යළි විභාජනය කරන්න.
- සෘජු ශ්‍රම පැය පදනම මත දේපාර්තමේන්තුව A සහ දේපාර්තමේන්තුව Bසදහා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත ගණනය කරන්න.