පිරිවැය ඒකකයකට අදාළ පොදු කාර්ය පිරිවැය බෙදා හැරිම සදහා පිරිවැය මධ්‍යස්ථානයේ ඇස්තමේන්තු මුළු පොදු කාර්ය පිරිවැය තෝරා ගත් පදනමකින් බෙදිමෙන් මෙම අනුපාතය ගණනය කෙරේ. එය පහත සදහන් වේ.
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය =පිරිවැය මධ්‍යස්ථානයේ ඇස්තමේන්තුගත
මුළු පොදු කාර්ය පිරිවැය
තෝරා ගත් පදනම
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරිම සදහා ගනු ලබන පදනම්
1. නිෂ්පාදන ඒකක (නිෂ්පාදන ඒකක ප්‍රමාණය අනුව)
2. ශ්‍රම පැය (ශ්‍රම පැය අනුපාතික අනුව)
3. යන්ත්‍ර පැය (යන්ත්‍ර පැය අනුපාතිකය අනුව)
4. සෘජු ද්‍රව්‍ය පිරිවැය (සෘජු ද්‍රව්‍ය පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස)
5. සාජු ශ්‍රම පිරිවැය (සෘජු ශ්‍රම පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස)
6. ප්‍රාථමික පිරිවැය (ප්‍රාථමික පිරිවැයේ ප්‍රතිශතයක් ලෙස)