සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය එකිනෙක සේවා දේපාර්තමේන්තු අතර ද නිෂ්පාදන දේපාර්තමේන්තු අතර ද විභාජනය කිරිම
සේවා දේපාර්තමේන්තුවල සේවය නිෂ්පාදන දේපාර්තමේන්තුවලට පමණක් නොව එකිනෙක සේවා දේපාර්තමේන්තුවලට ද සැපයේ නම්, සේවා දේපාර්තමේන්තුවක පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දේපාර්තමේන්තු අතර මෙන්ම එම එකිනෙක සේවා දේපාර්තමේන්තු අතර ද බෙදා හැරිය යුතුය. මේ ආකාරයට සේවා දේපාර්තමේන්තු අතර ද විභාජනය කිරිම සදහා භාවිතා කරන ක්‍රම තුනක් පහත දැක්වේ.
- අඛණ්ඩ බෙදා හැරිමේ ක්‍රමය
මෙම ක්‍රමයට අනුව සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය නොසැලකිය යුතු තරම් සුළු අගයක් බවට පත්වන තෙක් අදාළ පිරිවැය මධ්‍යස්ථානවලට, දි ඇති ප්‍රතිශත අනුව නැවත නැවතත් බෙදා හරිනු ලැබේ. අවසානයේ දි සේවා දේපාර්තමේන්තුවල සියලුම පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දේපාර්තමේන්තුවලට එකතු වනු ඇත.
- විජිය ක්‍රමය
මෙම ක්‍රමයට අනුව සේවා දේපාරුතමේන්තුවල මුළු පොදු කාර්ය පිරිවැය දැක්වෙන සමගාමි සමිකරණ නිර්මාණය කරගෙන එම සමිකරණ ඇසුරෙන් සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය දි ඇති අනුපාත අනුව අනෙකුත් දේපාර්තමේන්තු අතර විභාජනය කරනු ලැබේ.
- ඉවත්කිරිමේ ක්‍රමය
මෙම ක්‍රමයට අනුව එක් සේවා දේපාර්තමේන්තුවක පොදු කාර්ය පිරිවැය අනෙකුත් සියලු දේපාර්තමේන්තු අතර විභාජනය කිරිමෙන් පසුව පළමුව සැලකිල්ලට ගත් සේවා දේපාර්තමේන්තුවලට අනෙකුත් සේවා දේපාර්තමේන්තුවලින් විභාජනය කිරිම නොසලකා හැරේ. මෙම ක්‍රියා පිළිවෙළ සියලුම සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය බෙදා අවසාන වන තෙක් අනුගමනය කෙරේ. මෙහිදි සේවා දේපාර්තමේන්තු තෝරා ගැනිමේ අනුපිළිවෙළ තිරණය කෙරෙන්නේ ඒවායේ සැලසෙන සේවා ප්‍රමාණය, වැදගත්කම හෝ වෙනත් සාධකයක් සලකා බැලිමෙන්ය.
- පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය
පිරිවැය ඒකකයකට අදාළ විය යුතු පොදු කාර්ය පිරිවැය තිරණය කිරිමෙන් පසු, යම් පිළිගත් පදනමක් අනුව එම පොදු කාර්ය පිරිවැය සියලුම පිරිවැය ඒකක අතර බෙදා හැරිම, පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය යනුවෙන් හැදින්වේ.