පොදු කාර්ය පිරිවැය අයිතම නිෂ්පාදන මධ්‍යස්ථාන අතර විභාජනය කිරිම
 

නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථානවල (එනම්, නිෂ්පාදන දේපාර්තමේන්තුවල) මුළු පිරිවැය ගණනය කිරිම සදහා සේවා පිරිවැය මධ්‍යස්ථානවල (එනම්, සේවා දේපාර්තමේන්තුවල) රුස් කර ඇති පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන අතර යම් සාධාරණ ක්‍රමයකට විභාජනය කිරිම අවශ්‍ය වේ.


සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය, නිෂ්පාදන දේපාර්තමේන්තු අතර විභාජනය කරන ක්‍රම දෙකකි. එනම්,



  • සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දේපාර්තමේන්තු අතර පමණක් විභාජනය කිරිම.
  • සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය එකිනෙක සේවා දේපාර්තමේන්තු අතර ද නිෂ්පාදන දේපාර්තමේන්තු අතර ද විභාජනය කිරිම.

මේ එක් එක් ක්‍රමය පිළිබදව මි ළගට සලකා බලමු.


සේවා දේපාර්තමේන්තුවල පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දේපාර්තමේන්තු අතර පමණක් විභාජනය කිරිම


සේවා දේපාර්තමේන්තුවල සේවය නිෂ්පාදන දේපාර්තමේන්තුවලට පමණක් සපයනු ලබන අවස්ථාවේ දි සේවා දේපාර්තමේන්තුවල මුළු පොදු කාර්ය පිරිවැය මෙම මාතාකාවේ සදහන් ආකාරයට වි?භාජනය කරනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017