නිදසුන
 

සුහද සමාගමේ 2003 මාර්තු 31 දිනෙන් අවසන් වන මාසයට අදාළ සේවක වේතන පිළිබද තොරතුරු පහත දැක්වේ.


          සේවකයාගේ නම          පැය 8 බැගින් වැඩ            මාසයේ වැඩ කළ
                                                කළ දින ගණන                අතිකාල පැය


          නිතා                                         25                                   12
          ගිතා                                         22                                    6
          සිතා                                         20                                  -


වේතනවලට අදාළ අනෙකුත් විස්තර පහත දැක්වේ.



  • ගෙවිම් අනුපාත :

    • පැය 8 ක වැඩ දිනයන් සදහා සාමාන්‍ය වේතනය (අතිකාල දිමනා හැර) රු.400 යි.
    • අතිකාල ගෙවිම් සාමාන්‍ය පැයක වේතන මෙන් දෙගුණයකි.

  • සේවක අර්ථසාධක අරමුදලට දායකය සේවා යෝජකයන්ගෙන් 15% ක්ද, සේවකයාගෙන් 10% ක්ද, වේ.

(අතිකාල ගෙවිම් අර්ථසාධක අරමුදල් ගණනය කිරිම සදහා සැලකිල්ලට නොගැනේ.)



  • රු. 1,200 ක උත්සව අත්තිකාරමක් 2002 දෙසැම්බර් මාසයේ දි සිතාට ගෙවා තිබුණි. මෙය ආපසු අයකර ගැනිමේ මාසික වාරිකය වන රු. 100 ඇයගේ මාර්තු මස වේතනයෙන් අඩුකර ගෙන ඇත.
  • නිතාගේ ඉල්ලිම පරිදි ඇයගේ බැංකු ණය මුදලේ මාසික වාරිකය වන රු. 1,500 ක් ඇගේ මාර්තු වැටුපෙන් අඩු කර ගෙන සෘජුවම ඇගේ බැංකුව වෙත ප්‍රේෂණය කර ඇත.
  • සෑම මාසයකම වේතනය ඊට පසු මාසයේ පළමු සතිය තුළ ගෙවිම සමාග‍මේ ප්‍රතිපත්තිය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017