ආයතනයක යම්කිසි කාලසිමාවක් සදහා එක් එක් සේවකයාගේ වැටුප වෙන් වෙන් වශයෙන් දැක්වෙන පරිදි සියලුම සේවකයන්ගේ වැටුප් පිළිබද තොරතුරු ඇතුළත් වාර්තාව වැටුප් ලේඛනය යනුවෙන් හැදින්වේ.
එක් එක් ආයතනයේ ස්වභාවය අනුව සති, මාස යනාදි කාලසිමාවන් සදහා වැටුප් ගෙවිම් සිදු කෙරේ.
වැටුප් ලේඛන පිළියෙළ කිරිම් සදහා උපකාර කරගන්නා ලේඛන
මුලික වැටුප : පත්විම් ලිපිය, වැටුප් වර්ධන පත්‍ර, බකාල වැඩ පත්‍ර යනාදිය
දිමනා : චක්‍රලේඛ, කළමනාකරණ මණ්ඩල රැස්විම් වාර්තා
අතිකාල දිමනා : අතිකාල ලේඛන
අඩු කිරිම් : නිවාඩු වාර්තා, ව්‍යවස්ථාපිත නිති, සේවක අනුමත ලබා ගත් ලිපි
ශ්‍රම පිරිවැය ගිණුම්ගත කිරිම
ශ්‍රම පිරිවැය ගිණුම්ගත කිරිම සදහා යොදා ගන්නා මුලික ලෙජර් ගිණුම් පහත දැක්වේ.
වැටුප් ගිණුම
වේතන ගිණුම
වැටුප් හා වේතන පාලන ගිණුම
සේවක අර්ථ සාධක අරමුදල් ගිණුම
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගිණුම
වැටුප් අඩු කිරිම්වලට අදාළ ලේජර් ගිණුම (නිදසුන් :- සේවක ණය ගිණුම, සේවක
වැටුප් අත්තිකාරම් ගිණුම, උපයන විට ගෙවු බදු ගිණුම)