සේවකයකු විසින් සේවය කළ යුතු නියමිත කාලයට අමතරව වැඩ කරන අතිරේක කාලය අතිකාලය යනුවෙන් හැදින්වෙන අතර අතිකාලය වෙනුවෙන් ගෙවනු ලබන ගෙවිම් අතිකාල දිමනා යනුවෙන් හැදින්වේ. අතිකාල දිමනාව පහත සදහන් පරිදි ගණනය කරනු ලැබේ.
අතිකාල දිමනාව = අතිකාල පැය ගණන ´ පැයක අතිකාල අනුපාතිකය
අතිකාල අනුපාතිකය සමාන්‍ය වැටුප් අනුපාතිකයට වඩා සාමාන්‍යයෙන් වැඩි අගයක් ගනි. සාමාන්‍ය වැටුප් අනුපාතිකයට වඩා අතිකාල වැටුප් අනුපාතිකයෙහි වැඩි ප්‍රමාණය, අතිකාල ආධික්‍යය යනුවෙන් හැදින්වේ.