ආධිත්‍ය ප්‍රසාද දීමනා
 

නිෂ්පාදනය සදහා නිෂශ්චිත කාලයක් නියම කර ඇති කල්හී එම කාලසීමාවට කලින් අදාළ නිෂ්පාදන කාර්යය අවසන් කරන්නේ නම්, ඉන් ඉතිරි වන කාලය සැලකිල්ලට ගෙන සේවකයන්ට කරනු ලබන වීශේෂ ගෙවීම් මෙයින් අදහස් වේ. මෙම විශේෂ ගෙවීම් ගෙවනු ලබන්නේ සේවකයන්ගේ වැටුපට අමතර ප්‍රසාධ දීමනා වශයෙනි.


ආධිත්‍ය ප්‍රසාධ දීමනා ගණනය කරන ක්‍රම



  • හැල්සි ක්‍රමය (Halsey System)
  • හැල්සි වෙයර් ක්‍රමය (Halsey weir System)
  • රෝවන් ක්‍රමය (Rowan System)
  • බාර්ත් ක්‍රමය (Barth System)

හැල්සි ක්‍රමය


මෙම ක්‍රමයට අනුව, සේවකයා විසින් නියමිත කාර්යය නියමිත කාලයට පෙර නිම කර ඇති විට ඉතිරි කර ගත් කාලයෙන් 50% ක කාලයක් ප්‍රසාදයක් ලෙස සේවකයාට හිමි වේ. මෙම ප්‍රසාද කාලය සදහා සාමාන්‍ය රේටය අනුව ගෙවිම් කෙරේ. එය පහත සදහන් පරිදි දැක්විමට පුළුවන.


ප්‍රසාද දිමනාව = (ඉතිරි කරගත් කාලය (පැය) ´ 50%) ´ පැයක අනුපාතිකය

(c) Shilpa Sayura Foundation 2006-2017