නිමැවුම් පදනම මත වැටුප් ගෙවීම
 

සේවකයන් විසින් නිම කරනු ලබන ඒකක සංණ්‍යව පදනම් කරගෙන වැටුප් ගෙවීම මෙම ක්‍රමයෙන් අදහස් වේ. එනම්,



  • සෘජු කෑලි වැටුප් ක්‍රමය
  • වෙනස් වන කෑලි වැටුප් ක්‍රමය

සෘජු කෑලි වැටුප් ක්‍රමය


සේවකයා නිපදවන සෑම භාණ්ඩ ඒකකයක් සදහාම සමාන අනුපාතයට අනුව වැටුප් ගෙවීම මෙයින් අදහස් වේ. එය පහත සදහන් පරිදි පැහැදිලි කල හැකිය.


වැටුප     =    ඒකක සංඛ්‍යව     ´    ඒකකයට නියමිත මුදල


වෙනස් වන කෑලී වැටුප් ක්‍රමය


මෙම ක්‍රමයට අනුව නිස්චිත කාලසීමාවක් තුළදී සේවකයා විසින් නිම කළ යුතු භාණ්ඩ ඒක සංඛ්‍යව කලින්ම කීරණය කරන අතර එම ඉලක්කය ඉක්ම වන සේවකයන්ට වැඩි අනුපාතයක් යටතේද එම ඉලක්කයට ලගා නොවන සේවකයන්ට ඊට වඩා අඩු අනුපාතිකයක් යටතේ ද වැටුප් ගණනය කිරීම සිදු කෙරේ.


නිමවුම් පදනම මත වැටුප් ගෙවීමේ වාසි සහ අවාසි


වාසි



  • නිෂ්පාදනය වේගවත් වීම
  • සුපරික්ෂණය වීශාල වශයෙන් අවශ්‍ය වීම
  • ඒකක පිරිවැය පහළ බැසීම

අවාසි



  • නිෂ්පාදන වල ගුණත්වය පහළ යාම
  • ප්‍රතික්ෂේප වන භාණ්ඩ ප්‍රමාණය සහ අපතය ඉහල යාම
  • සේවකයන් අතර ආරවුල් ඇති වීමට ඉඩ පැවතීමට
  • යන්ත්‍රොපකරනවලින් ප්‍රමාණය ඉක්මවා වැඩ ගැනීම

(c) Shilpa Sayura Foundation 2006-2017