කාල පදනම මත වැටුප් ගෙවීම
 

සෙවකයා සේවය ෂදහා වාර්ථා කර ඇති කාලය පදනම් කරගෙන වැටුප් ගෙවීම මෙහි දී සිදු කෙරේ. සේවකයා සේවය සදහා වාර්ථා කර ඇති කාලය පැය හෝ දින හෝ සති හෝ මාස හෝ යන‍ා දී වශයෙන් විය හැකිය. මෙය අනුව අදාළ වැටුප් අනුපාතයකින් සේවයක කර ඇති කාලය ගුණ කිරීමෙන් සේවක වැටුප ගණණය කරනු ලැබේ.


කාල පදනම මත වැටටුප් ගෙවීම, ක්‍රම දෙකක් යට‍තේ සිදු කෙරේ. එනම්,



  • සමකාල අනුප‍ාතිකය
  • අදිදින අනුපාතිකය

සම කාල අනුපාතිකය මෙම කායට අනුව සේවකයා වැඩ කල කාලය නියමිත වැටුප් අනුපාතිකයෙන් ගුණ කිරීමෙන් සේවක වැටුප තීරණය කරනු ලැබේ. එය පහත සදහන් පරිදිය.


වැටුප     =    වැඩ කල පැය ගණන            ´    අදාළ වැටුප් අනුපාතය


අදිධින අනුපාතිකය


මෙම ක්‍රමයට අනුව සේවකයන් විසින් සපූරා ලිය යුතු නිෂ්පාදන ඉලක්ක නියම කරන අතර එම නිෂ්පාදන මට්ටම් ඉක්මවා වැඩ කරන සේවකයනට සම කාල සම කාල අනුපාතිකයට වඩා වැඩි අනුපාතිකයකට අනුව වැටුප් ගෙවීම සිදු කෙරේ.


කාල පදනම මත වැටුප් ගෙවීමේ වාසි හා අවාසි


වාසි



  • ගණනය කිරීම් හා ක්‍රියාත්මක කිරීම් පහසු ය.
  • සේවකයාට ස්ථිර වැටුපක් ලැබීම.
  • දක්ෂ කළමණාකාරීත්වයක් යටතේ වැඩි නිෂ්පාදනයක් ලබා ගත හැකි වීම.

අවාසි



  • සුපරික්ෂණය සදහා වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම.
  • අකාර්යක්ෂම සේවකයන්ට ද කාර්යක්ෂම සේවකයන්ට සමාන වැටුපක් ලැබීම.
  • සේවය ඇණහිටීමට මග පෑදෙන සේ සේවකයන් විසින් යන්ත්‍රොපකරණ ආදියට හානි සිදුකිරීමට ඉඩ තිබීම.

(c) Shilpa Sayura Foundation 2006-2017