සේවකයාගේ ක්‍රියාක‍ාරී කාලය සටහන්
 

වේලා සටහන් පත්‍රය


සේවකයෙකු වෙත පවරන ලද වැඩ කොටස සදහා වැයකල කාලය සටහන් කර අදිල වගකිව යුතු නිළදාරියෙකු ද ඊට අත්සන් කර, පිරිවැය අංශයට ඉදිරිපත් කරන පත්‍රිකාව මෙයින් අදහස් නව්.


ඒ ඒ ආයතන වල කාර්යය වල ස්වභාවය අනුව වේලා සටහන් පත්‍රය, දෛනික වේලා සටහන් පත්‍ර හෝ සති වේලා සටහන් පත්‍ර හෝ වශයෙන් පිළියෙල කරණු ලැබේ.


දෛණික වේලා සටහන් පත්‍ර (දෛණික කාල පත්‍ර)


කිසියම්කිසි දිනක දී සේවකයෙකු විසින් කරන ලද කාර්යය සදහා ගත කර ඇති කාලය වෙන වෙන් වශයෙන් සදහන් කර වගකිවයුතු නිළදාරියෙකු ද ඊට අත්සන් තබා පිරිවැය අංශයට ඉදිරිපත් කරන පත්‍රිකාව මෙයින් අදහස් වේ.


සති වේලා සටහන් පත්‍ර (සති කාල පත්‍ර)


සේවකයා විසින් සතිය තුළ දී ඉටු කරන ලද කාර්යයන් ද ඒ එක් එක් කාර්යයන් සදහ ගත කරන ලද කාලය ද සටහන් කර අදාළ වගකිව යුතු නිළදාරියාගේ අත්සන සහිතව පිරිවැය අංශයට ඉදිරිපත් කරන පත්‍රිකාව මෙයින් අදහස් වේ.


කාර්ය තුණ්ඩුව


එක් එක් කාර්යය සදහා සේවකයා වැය කල කාලය කාර්යය තුණ්ඩුවෙහි අතුළත් කෙරේ. සේවකයා කරනු ලබන එක් එක් කාර්යය සදහා එක් එක් කාර්යය තුණ්ඩුව බැගින් නිකුත් කරනු ලැබේ.


කාර්යය පත්‍රිකා (කාර්ය පිරිවැය පත්‍රය)


සේවකයා විසින් යම්කිසි කාර්යයක් අවසන් වූ පසු එම කාර්යයට වැයවූ පිරිවැය මෙම පත්‍රිකාව මගින් ගණනය කල හැකිය. යම් කිසි කාර්යක් සදහා සහභාගී වන සේවකයන් සියල්ලම වෙනුවෙන් එක් කාර්යය පිරිවැය පත්‍රිකාවක් පමණක් පිළියෙල කරණු ලැබේ.


කෑලි වැඩ තුණ්ඩුව


නිෂ්පාදන ඒකක සංඛ්‍යව පදනම් කරගෙන වැටුප් ගෙවීමේ දී එක් එක් සේවකයා විසින් නියම කරන ලද ඒකක සංඛයව සටහන් කිරිම සදහා ‍ෙයාදාගැනෙන පත්‍රික‍ාව මෙයින් අදහස් වේ.


අක්‍රිය කාල පත්‍රිකා


යන්ත්‍ර ක්‍රියාකාරීත්වය ඇණහිටීම හෝ වෙනත් හේතුවක් නිසා සේවකයන් ්‍වැඩ කරන කාලයේ නැවතීමක් සිදු වන අවස්තා වලදී එම අක්‍රීය කාලය සටහන් කිරීම සදහා යොදා ගැනෙන වාර්තාව අක්‍රීය කාල පත්‍රය යනු‍ෙවන් හැදින් වේ.


වැටුප් ගෙවීමේ ක්‍රමය


සේවක වැටුප් ගණනය කිරීම සදහා යොදා ගැනෙන ප්‍රධාන ක්‍රම දෙකකි.



  • කාල පදනම මත වැටුප් ගෙවීම (කාල වැටුප්)
  • නිමැවුම් පදනම මත වැටුප් ගෙවීම (කෑම වැටුප්)

(c) Shilpa Sayura Foundation 2006-2017