භාණ්ඩයක් හෝ සේවාවක් නිපවිම සදහා දායක වන ශ්රමිකයින් කැපකරන ශ්රමය වෙනුවෙන් කරනු ලබන ගෙවීම, පිරිවැය යනුවෙන් හැදින්වේ.
ශ්රම පිරිවැය ප්රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. එනම් සෘජු ශ්රම පිරිවැය සහ වක්ර ශ්රම පිරිවැය යනුවෙනි.
භාණ්ඩ හා සේවා නිපදවීස සදහා කෙළින්ම දායක යන ශ්රමය, සෘජු ශ්රමය යනුවෙන් ද ඒ සදහා ගෙවන වැටුප සෘජු ශ්රම පිරිවැය ලෙස ද සැලකේ. එමෙන්ම භාණ්ඩ හා සේවා නිපදවීම සදහා වක්ර වශයෙන් දායක වන ශ්රමය වක්ර ශ්රමය යනුවෙන් ද ඒ සදහා ගෙවන වැටුප වක්ර ශ්රම පිරවැය ලෙසද සැලකේ.
නිදසුන් :- ඇගළුම් කම්හලක මැෂින් ක්රියාකරවන්නියන් සදහා ගෙවන වැටුප්, ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අල්මාරි සාදන වඩු කාර්මිකයිට ගෙවන වැටුප් යනාදිය සෘජු ශ්රම පිරිවැයට නිදසුන් ලෙස දැක්විය හැකිය. ඇගළුම් කම්හලක කළමනාකරුට ගෙවන වැටුප්, ගෘහ භාණ්ඩ නිශ්පාදන කර්මාන්ත ශාලාවක සුපරික්ෂකට ගෙවන වැටුප් වක්ර ශ්රම පිරිවැයට නිදසුන් ලෙස දැක්විය හැනිය.
ශ්රම පිරිවැය ගණනය කිරීමේ වැදගත්කම
- නිෂ්පාදිතයක පිරිවැය තීරණය කර ගැනීම සදහා
- දිරි දීමනා ක්රම ක්රියාත්මක කිරීම සදහා
- ශ්රම ඵලදායිතාව වර්ධනය කිරීම සදහා
- ශ්රම පිරිවැටුම අඩු කර ගැනීම සදහා
- පොදුකාර්යය පිරිවැය අන්තර්ග්රහනය කිරීම සදහා
- ශ්රම පිරිවැය පාලනය කිරීම සදහා