ද්‍රව්‍ය නිකුත් කරන අවස්ථාවේ දී ගබඩාවට ්එතෙක් ලැබී ඇත් තොගවලට අදාළ සියළුම් මිල ගණන් වල සාමාන්‍ය පදනම් කරගෙනය, ගබඩාවෙන් නිකුත් කෙරෙන තොග වල වටිනාකම තීරණය කිරීම මෙයින් අදහසු් වේ. මෙහි දී සාමාන්‍ය මිල ගණනය කිරීම සදහා එක් එක් ද්‍රව්‍ය තොග කාණ්ඩවලට අදාළ මිල ගණන් මිස එම එක් එක් තොග කාණ්ඩවල ඇතුලත් ද්‍රවය ඒකක ප්‍රමාණයන් උපයාගී කර නොගන්නා බව සැකිල්ලට ගත යුතුය.
සරල සාමාන්‍ය මිල ක්‍රමයේ වාසි
- මිල අච්චාවචන වනනේ සුළු වශයෙන් බැවින් කාර්යය දෙක් අතර පිරිවැය සැසැදීම පහසු වේ.
- ගණනය කිරීම පහසුය.
- ද්‍රව්‍ය නිකුත් කරන මිල වෙළෙද පොළේ මිලට බෙහෙ වින් ආසන්නය.
සරල සාමාන්‍ය මිල ක්‍රමයේ අවාසි
- මිල උච්චාවචන විශාල වශයෙනි සිදුවේ නම්, පිවැය ගණනය කිරීම නිවරදි බවින් තොරවනු ඇත.
- නිකුත් කරන මිල සත්‍ය මිලක් නොවන හෙයින් ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී ලාබයක් හෝ පාඩුවක් ඇති විය හැක.