‍පෙර ඇතුළු පෙර පිට මිල ක්‍රමය (First In First Our Out = FIFO)
 

මෙම ක්‍රමයට අතු, පළමුව ලැබුණු භාණ්ඩ තොගයට සමාන භ‍ාණ්ඩ ප්‍රමාණයක් එම පළමු තොගයේ මිල ගණන් මත නිකුත් කරන අතර පළමු තොගයට සමාන භාණ්ඩ ප්‍රමාණය නිකුත් කර අවසාන වූ පසු දෙවනුව ලැබුණු භාණ්ඩ තොගයේ මිල අනුව දෙවනුවට ලැබුණු භාණ්ඩ තොගයට සමාන භාණ්ඩ ප්‍රමාණයක් නිකුත් කරනු ලැබේ. මේ ආකාරයට ගබඩා වට අනුපිළිවෙළින් ලැබුණු තොගවල මිල ගණන් මත ඒඒ ද්‍රව්‍ය තොග වලට සමාන ද්‍රව්‍ය තොග ප්‍රමාණ නිකුත් කර අවසාන වන ආකාරයට වනදී වශයෙන් තොග නිකුත් කිරීම් අඛණ්ඩව සිදු කරණු ලැබේ.


‍පෙර ඇතුළු පෙර පිට මිල ක්‍රමයේ වාසි



  1. සාමාන්‍ය මිල පදනම් කරගෙන තොග නිකුත් කිරීම් සිදු කරන බැවින් තොග නිකුත් කිරීම මගින් ලාභයක් හෝ පාඩුවක් සිදු නොවේ.
  2. පවත්නා මිල ගණන් අනුව තොග වල වටිනාකම් සදහන් වීම.
  3. ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම

පෙර ඇතුළු පෙර පිට මිල ක්‍රමයේ අවාසි



  1. තොග වල මිල ඉහල යන තත්වයක් යටතේ වැඩි ලාභයක් පෙන්නුම් කිරීම.
  2. මිල ගණන් ඉහළ පහළ යාම නිතර සිදු වේ නම් ගණනය කිරීම් සංකීර්ණ වීම.
  3. තොගයේ මිල වර්ථමාන වෙළෙද පොළ මිලට සමාන නොවීම.

(c) Shilpa Sayura Foundation 2006-2017