නිකුතු පාලනය
 

ගබඩා කර ඇති ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ යටතේ සලකා බැලේ. ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී උපයොගි කර ගනු ලබන වැදගත් ලියවිලි දෙකක් මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එම ලියවිලි දෙක නම්, ගබඩා අධියචනා පත්‍රය සහ ගබඩා ලෙජරයයි.


ගබඩා අධියාචනා පත්‍රය


ද්‍රව්‍ය අවශ්‍ය අංශය විසින් ගබඩාවෙන් ද්‍රව්‍ය අයදුම් කිරිම සදහා උපයෝගී කර ගන්නා ලියවිල්ල මෙයින් අදහස් වේ. ගබඩා අධියාචනා පත්‍රයක ආකෘතියක් පහත දක්වා ඇති අතර ඒ අනුව ගබඩා අධියාචනා පත්‍රයක ඇතුළත් ප්‍රධාන කරුණු පිළිබද වැටහීමක් ලබාගත හැකිය.


ගබඩා ලෙජරය (තොග ලෙජරය)


ද්‍රව්‍ය ලැබීම්, නිකුත් කිරීම් හා ශේෂය, ඒකක වශයෙන් ද වටිනාකම් වශයෙන් ද සටහන් කර ගිණුම් අංශය විසින් පවත්වා ගෙන යනු ලබන වර්ථාව ගබඩා ලෙජරයහෙවත් තොග ලෙජරය යනුවෙන් හැදින් වේ.


මෙහි තොරතුරු ඇතුළත් කිරිම සදහා ලෑබීම් පත්‍රය, ද්‍රව්‍ය අධියාචනා පත්‍රය, ද්‍රව්‍ය ආපසු ඒවීමේ පත්‍රිකාව, යන මූලික ලියවිලි භාවිතා කෙරේ.


ගබඩා ලෙජරයක ඇතුළත් ප්‍රධාන කරුණු අවබෝධයක් පහත සදහන් ආකෘතිය ඇසුරින් ලද හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017