ද්‍රව්‍ය ඇනවුම් කල අවස්ථාවේ සිට එ්වා ගබඩාවට ලැබීම තෙක් ගතවෙන්නා වූ කාලය මෙයින් අදහස් වේ. මෙය පොරොත්තු කාලය යනුවෙන් අදහස් වේ.
යම් නිමවුම් කාලය ද උපරිම, අවම, සාමාන්‍ය යන තත්ත්වයන් යටතේ සලකා බලනු ලැබේ.
උපරිම පොරොත්තු කාලය
ඇනවුම් කරන ලද ද්‍රව්‍ය තොගය ලැබීම සදහා ගත විය හැකි වැඩිම කිලසීමාව මෙයින් අදහස් වේ.
අවම පොරෝත්තු කලය
ඇනවුම් කල ද්‍රව්‍ය තොගය ලැබීම සදහා ගත විය හැකි අඩුම කාලසීමාව මෙයින් අදහස් වේ.
සාමාන්‍ය පොරොත්තු කාලය.
ඇනවුම් කල ද්‍රව්‍ය තොගය ලැබීම සදහා ගත වය හැකි සාමාන්‍ය කාලසිමාව මෙයින් අදහස් වේ.
යළි ඇනවුම් මට්ටම (ඇණවුම් මට්ටම)
ඇනවුමක් ඉදිරිපත් කිරීම සදහා ආයතනයේ ක්‍රියාත්මක වෙමින් පැවතිය යුතු වඩාත් යෝග්‍ය තොග මට්ටම, යළි ඇනවුම් මට්ටම යනුවෙන් හැදින් වේ.
මෙයට අවම් තොග මට්ටමත්, උපරිම තොග මට්ටමත් අතර පවතින තොග මට්ටමකි. ගබඩා බාරකරු ඇනවුමක් ඉදිරිපත් කිරීම සදහා ගැනුම් අධියාචනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේ ආයතනයේ තොග මට්ටම මෙම යළි ඇනවුම් මට්ටමට ලගා වූ විටය.
යළි ඇනවුම් මට්ටම ගණනය කරන ආකාරය
යළි ඇනවුම් මට්ටම = උපරිම පරිභෝජනය ´ උපරිම ඇනවුම් කාලය
අවම තොග මට්ටම
තොග මට්ටම පහත බැසිය හැකි අඩුම තොග මට්ටම් සිමාව අවම තොග මට්ටම යනුයවන් හැදින් වේ.
අවම තොග මට්ටමේ සිට පහට ඇති තොගය ආරක්ෂක තොගය යනුවෙන් හැදින් වේ.
අවම තොග මට්ට්ම වඩා ෙතාග ප්‍රමාණය පහළ යාම ආයතනයේ නිෂ්පාදන කටයුතු වලට හිතකර තත්ත්වයක් නොවේය. අවම තොග මට්ටමට වඩා තොග ප්‍රමාණය පහළ ගිය හොත් ආයතනයේ නිෂ්පාදන කටයුතු අඩපණ වීමේ දැඩි අවදානයකට මුහුණ දීමට ආයතනයට සිදු වේ.
අවම තොග මට්ටම ගණනය කරන ආකාරය
අවම තොග මට්ටම = යළි ඇනවුම් මට්ටම - (සාමාන්‍ය පරිභෝජනය සාමාන්‍ය ඇණවුම් කාලය)
උපරිම තොග මට්ටම
යම් අවස්ථාවක දී ආයතනයක පැවතිය හැකි උපරිම තොග සීමාව, උපරිම තොග මට්ට්ම යනුවෙන් හැදඅන් වේ.
ආයතනයක තොග සීමාව උපරිම තොග මට්ටම ඉක්මවා නොපැවතිය යුතු බවට සාමාන්‍යයෙන් පිළිගැනේ. උපරිම ගතාග මට්ටම ඉක්මවා තොග පැවතීමෙන් ආයතනයට විවිධ අවාසි සහගත තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැකිය.
උපරිම තොග මට්ටම ගණනය කරන ආකාරය
උපරිම තොග මට්ටම = යළි ඇනවුම් මට්ටම - (අවම පරිබෝජනය අවම ඇනවුම් කාලය) + යළි ඇණවුම් ප්‍රමාණය