ගැනුම් ඇනවුමක අතුළත් ප්‍රධාන කරුණු
 


  • සැපයුම්කරුගේ නම සහ ලිපිනය
  • අවශ්‍ය ද්‍රව්‍යවල විස්තරය, ප්‍රමාණය
  • භාණ්ඩ අවශ්‍ය කාලසීමාව
  • භාණ්ඩ සැපයීමට අදාළ ‍ෙවනත් කොන්දේශි
  • බලධාරියාගේ අත්සන


  • ඇණවුම් කරන ලද ද්‍රව්‍ය ලබාගැනීම

ඇණවුම් කරන ලද ද්‍රව්‍ය භාර ගැනීමේ කාර්යය ඉටු කරන්නේ භාණ්ඩය භාර ගැනීමේ අංශය විසින්ය. භාණුඩ සැපයුම්කරු විසින් ඒවා නියමිත පරිදි සපයා තිබේ දැයි පරික්ෂා කිරීම සදහා දැනටමත් භාණ්ඩ භාර ගැනීමේ අංශයට ලැබී ඇති ගැනුම් ඇණවු‍ෙම් පිටපතද උපයෝගි කර ගැනේ.


සැපයුම්කරු විසින් ගැනුම් ඇණවුමට අනුව භාණ්ඩ සැපයීමේදී එම භාණ්ඩ සමග භාණ්ඩ භාණ්ඩ සැපයීමේ එම භාණ්ඩ සමග භාණ්ඩ භාරදීමේ තුණ්ඩුව ද, (එනම්, භාණ්ඩ ලැබීහම් පත්‍රය ද) එවයි.


භාණ්ඩ භාරදීමේ තුණ්ඩුවක් සාමාන්‍යයෙන් පිටපත් 5කින් යුක්ත වෙයි. ගැනුම්, ගබඩා, ගිණුම්, ද්‍රව්‍ය ඉල්ලුම් කළ අය, ද්‍රව්‍ය භාරගැනීම යන අංශ වෙත පිටපත බැගින් යැවේ.


භාණ්ඩ භාරදීමේ තුණ්ඩුවක (භාණ්ඩ ලැබීමේ පත්‍රක) ඇතුළත් ප්‍රධාන කරුණු



භාණ්ඩ පිළිබද විස්තර හා ප්‍රමාණය
ඇනවුම් අංකය
භාණ්ඩ භාරගත් අයගේ සහ අනුමත කළ අයගේ අත්සන්



  • ඇතැම් අවස්තාවලදී භාණ්ඩ නියමිත ගුණත්ව‍ෙයන් හා ඇනවුම් කර ඇති පරිදි සපයා ඇද්දැයි පරික්ෂා කිරීම සදහා අදාල වෙනත් අංශ වෙත ද යොමු කෙරේ.
  • ද්‍රවය සැපයීම නියමිත පරිදි සිදුවී තිබේ නම් අදාළ ගෙවීම් කිරිම සදහා කටයුතු කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017