ගැනුම් පාලනය ක්‍රම
 

මිලට ගැනීමේ ක්‍රියා පටිපටිපාටියක් අනුගමනය කරමින් ද්‍රව්‍ය මිලට ගැනීමේ කටයුතු පාලනය මෙයින් අදහස් වේ. මෙම මිලට ගැනීමේ ක්‍රියා පටිපාටිය ආයතනයෙන් ආයතනය‍ට වෙනස් විය හැකිය.


මිලට ගැනීමේ ක්‍රියා පටිපාටියක / ගැනුම් පටිපාටියක විවිධ අදියර



  • ගබඩාවෙන් හෝ ද්‍රව්‍ය අවශ්‍ය වී ඇති අංශයෙන් ගැනුම් අධියාචනා පත්‍රයක් ද්‍රව්‍ය මිලට ගැනීමේ අංශය වෙත ලැබීම.

ගැනුම් අදියාචනා පත්‍රය සාමාන්‍යයෙන් පිටප‍ත් 3කින් යුක්තව පිළියෙල කෙරෙන අතර එයින් මුල් පිටපත ගැනුම් අංශයට ද අනුපිටපතක් නිෂ්පාදන අංශයට ද නිකුත් කරන අතර අනෙක් පිටපත එය නිකුත් කල අංශය විසින්ම තබා ගනී.


මිලට ගැනීමේ අංශයට ගැනුම් අධියාචනා පත්‍රය ලැබුණු විට සුදුසු සැපයුම්කරුයවකු තෝරා නගන එහි සදහන් ද්‍රව්‍ය මිලට ගැනීමට කටයුතු කෙරේ.


ගැනුම් අධියාචනා පත්‍රයක ඇතුලත් ප්‍රධාන කරුණු




    • අවශ්‍ය භාණ්ඩ වර්ග හා ඒවායේ සංකේත
    • අවශ්‍ය ප්‍රමාණය
    • අවශ්‍ය කාලසීමාව
    • භාණ්ඩ ඉල්ලුම් කරන්නාගේත්, නිර්දේශ කරන්නාගේත්, අනුමත කරන්නාගේත්, අත්සන්

  • මිලට ගැනීමේ අංශය මගින් සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම

ටෙන්ඩර් ක්‍රමය අනුගමනය කිරීම, ලියාපදින්චි සැපයුම්කරුයන්ගෙන් සුදුසු අයෙක් තෝරා ගැනීම හෝ වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීම මෙහිදී ක්‍රියාත්මක කෙරේ.



  • තොරාගත් සැපයුම්කරු වෙතට ඇනවුමක් යැවීම

ගැනුම් ඇනවුමක් සාමාන්‍යයෙන් පිටපත් 5 කින් සමන්විතය. එහි මුල් පිටපතක් සැපයුම්කරු වෙත යවන අතර පිටපතක් ගැනුම් අංශයේ තබා ගනී. ඉතිරි පිටපත් වලින් එක බැගින් ද්‍රව්‍ය භාරගැනීමේ අංශයටත්, ගිණුම් අංශයටත්, ද්‍රව්‍ය ඉල්ලුම් කළ අංශයටත් යැවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017