ද්‍රව්‍ය පාලනය
 

බොහෝ විට භාණ්ඩයක මුළු පිරිවැයෙහි ඇතුළත් පිරිවැ‍ෙයහි මූලිකාංගවලින් වැඩිම ප්‍රමාණයක් සමන් විත වන්නේ, ද්‍රව්‍ය පිරිවැයෙන්ය. ද්‍රව්‍ය ලෙස සැලකෙන දෙවල් වශයෙන් අමුද්‍රව්‍ය, අමතර කොටස්, සංරචක, ඇහුරුම් ද්‍රව්‍ය යනාදිය දැක්විය හැකිය.


ද්‍රව්‍ය පාලනය


ද්‍රව්‍ය තොග සදහා අනවශ්‍ය පරිදි අයෝජනය නොකෙරෙන පරිදි සහ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන පරිදි දුව්‍ය මිලට ගැනීම, ගබඩා කිරීම, භාවිත කිරීම යන කාර්යයන් සංවිධානය කිරීම සහ මෙහෙය වීම ද්‍රව්‍ය පාලනය යනුයවන් අදහස් වේ.


පිරිවැය ගිණුම්කරනයේ මූලික අරමුණක් වනු‍ෙය් පිරිවැය පාලනයයි. බෝහෝ විට නිෂ්පාදන පිරිවැයෙන් වැඩි කොටසක් ද්‍රව්‍ය පිරිවැය වන හෙයින් ද්‍රව්‍ය පිරිවැය පාලනය කිරීම මගින් නිෂ්පාදන පිරිවැය බොහෝ දුරට අඩුකරගැනීමට හැකිය. මේ නිසා පිරිවැය පාලනයේ දී ද්‍රව්‍ය පාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017