පිරිවැය මූලිකාංග
 

නිෂෟපාදන පිරිවැය මූලික වශයෙන් බෙදා ඇති කොටස්වලට පිරිවැය මූලිකාංග යනුවෙන් ව්‍යවහාර වේ. මේ අනුව පිරිවැය මූලිකාංග පහත දැක්වේ.



  • සෘජු ද්‍රව්‍ය පිරිවැය
  • සෘජු ශ්‍රම පිරිවැය
  • සෘජු වියදම
  • පොදු කාර්යය පිරිවැය (වක්‍ර ද්‍රව්‍ය,වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් වියදම්, යන කොටස්වල එකතුව)

සෘජු ද්‍රව්‍ය පිරිවැය


සෘජු ද්‍රව්‍ය පිරිවැය යනු, ප්‍රාතමික පිරිවැයේ කොටසක් ලෙස සෘජු වම ඇතුළත් වන සියළුම ද්‍රව්‍ය සදහා දරන්නා වූ පිරිවැයයි. නිෂ්පාදිතයේ ඇතුළත් ප්‍රමාණය නිශ්චිතවම මැනීමට හැකි වූත් නිෂ්පාදිතයේ පිරිවැයට සෘවම ඇතුලත් කළ හැකි වූත් සියළුම ද්‍රව්‍ය සදහ දරන්නා වූ පීරිවැය මෙයින් අදහස් වේ. න්දසුන් :- නිෂ්පාදනය සදහා ගත් අමුද්‍රව්‍ය


සෘජු ශ්‍රම පිරිවැය


අවම නිෂ්පාදිතය ලබාගැනීමට සෘජුවම දායක වන ශ්‍රම පිරිවැ මෙයින් අදහස් වේ. නිෂ්පාදනය වැඩි වන විට වැඩි ශ්‍රම පිරිවැයක් ද නිෂුපාදනය අඩු වන විට අඩු ශ්‍රම වියදමක් ද වැයවේ. නිදසුන්:- කෑලි පදනම් මත ‍ෙගවන වැටුප්


සෘජු වියදම්


සෘජු දුව්‍ය හා සෘජු ශ්‍රමය හැරුණු විට නිෂ්පාදිතයකට අදාළව කෙළින්ම සම්බන්ද වන කවර හෝ වියදමක් සෘජු වියදමක් යනුවෙන් හැදින් වේ. නිදසුන් :- පුරස්කාර බදු, යන්ත්‍ර සදහා ගෙවන කුලී


පොදු කාර්යය පිරිවැය


නිෂ්පාදන ඒකකයකට සම්බන්ද වූත් සෘජු වම හදුනාගත නොහැකි වක්‍ර ද්‍රව්‍ය,වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් වියදම් යන පිරිවැවල එකතුව මෙයින් අදහස් වේ. පොදු කාර්යය පිරිවැය පහත සදහන් අයුරින් තවදුරටත් බෙදා දැකිවීමට පුළුවන.



නිෂ්පාදන පොදු කාර්යය පිරිවැය
පරිපාලන පොදුකාර්යය පිරිවැය
විකුණුම් හා ‍ෙබදාහැරීම පොදු කාර්යය පිරිවැය

(c) Shilpa Sayura Foundation 2006-2017