කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය ගණනය කිරීම සදහා යොදා ගන්නා ප්රමාණාත්මක ඒකක, පිරිවැය ඒකකය යනුවෙන් හැදින් වේ.
මේ අනුව යම් ආයතනයක් එක් භාණ්ඩයක් පමණක් නිපදවන්නේ නම්, එහි නිෂ්පාදන ඒකකය, පිරිවැය ඒකකය ලෙසද සැලකේ. (නිද- මේස පුටු නිපද වන ආයතනයක මේසය සහ පුටුව යන දෙකම පිරිවැය ඒකකය ලෙස සැලකේ.)
තව ද ඇතැම් ආයතනයක් එක වර විශාල කතාග වශයෙන් භාණ්ඩ නිපදවන්නේ නම්, එහි නිෂ්පාදිතය සරිලන පරිදි පිරිවැය ඒකක තීරණය කර ගැනේ. (නිද - ඛණිජ තෙල් නිෂ්පාදන ආයතනයක පිරිවැය ඒකකය ලෙස ඛණිජ තෙල් බැරලය සැලකීම.)