පිරිවැය ගිණුම්කරනයේ ප්‍රධාන අරමුණු
 


  • භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය ගණනය කිරීම

(භාණ්ඩයඛ හෝ සේවාවක මිල නියම කිරීමේ දී එම නිස්පාදිතය සදහා දරා ඇති පිරිවැය නිවැරදිව ගණනය කිරීම වැදගත් වේ.)



  • පිරිවැය පාලනය කිරීම

(ලාභය යනුයවන් අදහස් කරන්නේ පිරිවැ ඉක්මවා ඇති ආදායම් ප්‍රමාණය යි. එබැවින් ලාභය වැඩි කර ගැනීම සදහා ඇති එක් උපක්‍රමයක් වශයෙන් නිෂ්පාදිත වල පිරිවැය පාලනය කිරීම වැදගත් වේ.)


මුල්‍ය ගිණුම්කරනය හා මූල්‍ය ගිණුම්කරනය අතර මූලික වෙනස්කම්



  • මූල්‍ය ගිණුම්කරනය මගින් ව්‍යාපාරයේ භාහිර සහ අභ්‍යන්තර පාර්ශ්වයට (කළමනාකරනයට)තොරතුරු සැපයේ.
  • මූල්‍ය ගිණුම්කරන වාර්තා පිළීයෙල කිරීමට ඓතිහාසික දත්ත පමණක් යොදා ගැනේ. පිරිවැය ගිණුම්කරන වාර්තා පිළියෙල කිරීමට ඓතිහාසික දත්ත් සහ පුරෝකථන දත්ත යොදා ගැනේ.
  • මූල්‍ය ගිණුම්කරන වාර්තා තබාගැනීම බෝහෝ විට නීතියෙන්ම නියම කර ඇත. එසේ වුවත් පිරිවැය ගිණුම්කරන වාර්තා පවත්වාගෙ න යාම පිලිබද නීතිමය බල කිරීමක් නැත.
  • මූල්‍ය ගීණුම්කරන වාර්තා මගින් ව්‍යාපාරයේ සමස්ත තත්වය පෙන්නුම් කරයි. එසේ පිරිවැය ගිණුම්කරන වාර්තා මගින් ව්‍යාපාරයේ එක් එක් නිෂ්පාදිතය හෝ එක් එක් අංශය හෝ පිළිබද තොරතුරු පමණක් පෙන්නුම් කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017