ශ්වේතානු හෙවත් සුදු රුධිරාණු
 

මේවා න්‍යශ්ඨි සහිත ය. ප්‍රමාණයෙන් රතු රුධිරාණුවලට වඩා විශාල ය. ඇට මිදුළු තුළ නිපදවෙන මෙම රුධිරාණු ශරීරයට ඇතුළු වන විශබීජ විනාශ කරීමට උපකාරී වේ. රුධිරය ඝන මිලිමීටරයක්‌ තුළ සුදු රුධිරාණු 7000 සිට 11000 අතර ප්‍රමාණයක්‌ තිබිය හැකිය. සුදු රුධිරාණුවල සෛලප්ලාස්‌මයේ ස්‌වභාවය අනුව සුදු රුධිරාණු ප්‍රධාන කාණ්‌ඩ දෙකකට වෙන්කල හැකිය. එනම් සුදු රුධිරාණු වල සෛල ප්ලාස්‌මයේ කණිකා සහිත සුදු රුධිරාණු සහ කණිකා රහිත සුදු රුධිරාණු වශයෙනි. මෙම දෙවර්ගය ද නැවත වර්ග කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017