පිරිවැය ගිණුම්කරනය හැදින් වීම
 

යම් නිෂ්පාදිතයකට, දෙපාර්තමෙන්තුවකට මෙහෙය වීමකට හෝ ක්‍රියාවලියකට අදාල අයවැය සකස් කිරීම, ප්‍රමිති පිහිටු වීම හා සත්‍ය පිරිවැය නිශ්චය කිරීම ඒවා පිළිබදව විචලන, ලාභදායිත්වය හෝ අරමුදල් යොදාගැනීම පිළිබදව විශ්ලේෂණය කිරීම යන කටයුතු වලට අයත් කළමණාකරන ගිණුම්කරන ක්‍රියාවලිය, පිරිවැය ගීණුම්කරනය ලෙස හැදින් වේ.


පිරිවැය ගිණුම්කරනය, කළමනාකරන ගිණුම්කරනයේ එක් අංශයක් ලෙස සැලකේ.


පිරිවැය ගිණුම්කරනය පිළිබද අර්ථ දැක්වීමෙහි ඇතුලත් වියයුතු මූලික ලක්ෂණ


පීරිවැය ගිණුම්කරනය පිළිබද විධිමත් අර්ථ දැක්වීමක මූලික වශයෙන් පහත සදහන් ලක්ෂණ ඇතුළත් වියයුතු බව පිළිගැනේ.එනම්,



  • නිෂ්පාදනයට පෙර පිරිවැය ඇස්තමෙන්තු කිරීම
  • සත්‍ය පිරිවැය හා තොරතුරු වාර්ථා කිරීම.
  • ප්‍රමිති හා සත්‍ය තොරතුරු සැසදීමෙන් විචලනයන් හෙවත් වෙනස් වීම් හදුනා ගැනීම.
  • ලාභදායිත්වය හෝ අරමුදල් පරිහරණය පිළිබදව විශ්ලේෂණය කිරීම.

(c) Shilpa Sayura Foundation 2006-2017