සීමාසහිත සුඍංග සමාගමේ 2002 වර්ෂයට අදාල මුදල් ප්රවාශ ප්‍රවේස මෙසේය.
ගෙවූ පොලී 20,000
ගෙවූ ලාභාංශ 50,000
ගනුදෙනුකරුවන්ගේ මුදල ලැබීම 550,000
සැපයුම්කරුවනට මුදල් ලැබීම් 370,000
මෝටර් රථයක් මිල දී ගැනීම 420,000
දිගුකාලීන ණය ලබාගැනීම 300,000
ගෙවූ ආදායම් බදු 45,000
තැන්පත් වලින් ලැබූ පොලී 10,000
දිගුකාලීන ණය ආපසු ගෙවීම් 25,000
වර්ෂය ආරම්භයේදී බැංකු ශේෂය රු. 96,000 ක් විය.
ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති 9ට අනු 2002 වර්ෂය සදහා මුදල් ප්රවාහප්රකාශය පිළීයෙල කරන්න.
4.3 නිදසුන
පහත සදහන් තොරතුරු 2001 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුල දී සීම.ිත කැලණි සමාගමෙහි සිදු වූ ගනුදෙනු වලට අදාල වේ.
සියළුම විකූනුම් අත්පිට මුදලට සදුවුණි.වසරේ මුළු විකුණුම් රු. 750,000 කි.
2001 වසරේ සිට සියළුම ගැනුම් රු. 550,000ක් වූ අතර ඉන් 80%ක් වසර තුලදී පියවා ඇත. එහි දී රු. 40.000 ක මුදල් වට්ටමක් ලැබුණි.
ක්ෂ වීම් රු.20,000ක් ද ඇතුළුව වසරේ මෙහෙයුම් වියදම රු. 90,000කි. 2001 වසර අග දී මෙයින් රු. 40,000 ක් ගෙවිය යුතුව ඇත. 2001 මුල දී ගෙවිය යුතු හෝ ඉදිරියට ගෙවූ මෙහෙයුම් වියදම් කිසිවක් නොතිබුණි.
වර්ෂය තුලදී ප්‍රකාශ කර ගෙවා ඇති අතුරු ලාභාංශ ප්‍රමාණය රු. 20,000කි.
වර්ෂය තුළදී සමාගම රු. සාමාන්‍ය කොටස් 20,000 ක් රු 5ක අධිමිලක් සහිත ව නිකුත් කරන ලදී. මෙම නිකුතුව සම්බන්දව කොටසකට රු. 3 බැගින් වූ අවසාන ඇරයුම හැර අනෙකුත් සියළුම මුදල් රැස්කර ගන්නා ලදී.
වර්ෂය තුළදී දිගුකාලීන බැංකු ණයෙන් කොටසක් පියවීම වෙනුවෙන් සමාගම රු.200,000 ක් වූ කාර්යයාල උපකරණ කුලී පිට පදනම යටතේ ගෙන මූලික ගෙවීම ලෙස රු. 100,000ක් ගෙවා ඇත.
2001 ජනවාරි 01 දිනට මුදල් බැංකු ශේෂය රු. 20,000 කි.
අවශ්‍ය වන්නේ,
2001 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මෙහි දී මෙහෙයුම් කටයුතු වලට අදාළ මුදල් ප්‍රවාහ සෘජු ක්‍රමයට පිළියෙල කරන්න.
පෙර වැඩ
ණයට ගැනුම් 550,000
පියවූ මුදල 550,000 ×80 = 440,000 කොටසක් සදහා කැදවූ අගය 15 – 3 = 12
100
අඩු - වට්ටම් 40,000 කොටස් නිකුතුවෙන් ලැබීම්
ණය හිමියන්ට ගෙම් 400,000 20,000 × 12 = 240,000
මෙහෙයුමු වියදම් = 90,000
ක්ෂය වීම (20,000)
ගෙවිය යුතු (40,000) (60,000)
ගෙවු මුදල් = 30,000