ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 09
 

ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 09 (සංශෝධිත) අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කිරීමේ දී අවධානට ගත යුතු වැදගත් කරුණු



1. ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිති අංක 09 (සංශෝධිත) අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි අයිතමයන් අත්‍යවශ්‍යයෙන්ම පහත සදහන් ශීර්ෂ තුන යට‍ෙත් වර්ගීකරණය කොට දැක්විය යුතුය. එනම්,


මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහය
ආයෝජන ක්‍රියාකාරකම් වලින් වූ මුදල් පුවාහය
මූල්‍යන ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහය


මුදල් ගලා එමක් හෝ ගලා යාමක් ලෙසින් හෝ නොසලකමින් මුදල් ප්‍රවාහයන් සම්බන්දිත කාර්යයන් ‍ෙකරෙහි පමණක් අවධානය යොමු කරමින් ඉහත සදහන් කාර්යයන් යටතේ මුදල් ප්‍රවාහ දැකිවිය යුතුය. ඒ අනුව එක් කාර්යයක් තුළ මුදල් ගලා ඒම් ප්‍රවාහයක් ද ඇතුලත් විය හැකිය. එසේ වුවත් මුදල් ගලා යාම් ප්‍රවාහය වරහන් තුළ දැක්විය යුතුය. 



2. ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත අංක09 (සංශෝධිත) අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශ සකස් කිරීම සදහා ප්‍ර‍ෙව්ශ විය හැකි ක්‍රම දෙකක් දක්වා ඇත. එනම්, 



1.සෘජු ප්‍රවේශය
2.වක්‍ර ප්‍රවේශය


මෙම ප්‍රකාශයන් දෙක අතර ප්‍රධ‍ාන වෙනස් කම පවතින්නේ සෙහෙයම් ක්‍රියාකාරකම් වලින් වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේ දී ය.


ප්‍රවේශයන් දෙකේ දීම මුදල් ප්‍රවාහය ඉදිරිපත් කිරීම කළින් සදහන් කරන ලද ශීර්ෂයන් යටතේ දැක්විය යුතු අතර මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වු මුදල් ප්‍රවාහය ගණනය කරන ආකාරයෙන් පමණක් ක්‍රම දෙක අතර වෙනස්කම් පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017