මුදල් ප්‍රවාහ ප්‍රකාශ
 

ගිණුම් කාලච්චේදයක් තුළ ව්‍යාපාරයක සිදුවූ මුදල් ගලා ඒම් සහ ගලා යාම් ඇතුළත් මුදල් ප්‍රවාහ පෙන්නුම් කිරීම සදහා පිළියෙල කරන ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය යනුවෙන් හැදින් වේ.


මුදල් ප්‍රවාහ ප්‍රකාශ පිළියෙල කිරීමේ දී “මුදල් ප්‍රවාහය” යන්නට මුදල් ශේෂය පමණක් නොව ඒ හා සමාන වූ බැංකු ශේෂය (හර හෝ බැර) කෙටි කාලීන බැංකු තැන්පත් සහ විනිමය බිල් ගෙවුම් යන ශේෂයන් ඇතුලත් කෙරේ.


ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත අංක 09 (සංශෝධිත) අනුව, සමාගම් විසින් මුල්‍ය වාර්තා සමග මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවශ්‍ය බව දක්වා ඇත.


මුදල් ප්‍රවාහ ප්‍රකාශ භාවිත කිරීමෙන් ලැබෙන වැදගත් ප්‍රයෝජන



  1. ගිණුම් කාලච්චේදය තුළදී ව්‍යාපාරයට මුදල් ගලා ආ මාර්ග සහ එම මුදල් යෙදවූ කාර්යයන් පිළිබද අවබෝධයක් ලබාගත හැකිවීම.
  2. කොටස් නිකුත් කිරීමේ සහ දිගුකාලීන ණය මගින් මුදල් ලබාගෙන තිබේ ද යන්න සහ ඒවා මූල්‍යනය කර ඇති ආකාරය පිළිබද අවබෝධයක් ලබාගත හැකි වීම
  3. දිගුකාලීන ණය පියවීම්, ලාභාංශ ‍ෙගවීම් ව්‍යාපාරය පුළුල් කිරීම් යනාදී කාර්යයන් සදහා ප්‍රමාණවත් මුදලක් ව්‍යාපාරයේ මෙහෙයුම් කටුතු වලින් ලැබී තිබේ ද යන්න පිළිබද අවබෝධයක් ලබා ගත හැකි විම
  4. ව්‍යාපාරයේ අනාගත මුදල් ප්‍රවාහය පිළිබද අවබෝධයක් ලබාගත හැකි වීම
  5. අනාගත කාලච්චේදය සදහා වඩාත් විශ්වාස දායි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පුරෝකථනය කිරීමට පහසුව සැලසිම
  6. සමාගමේ මුල්‍ය කළමනාකාරීත්වයේ කාර්යයක්ෂමතාව මැනීමට මිනුමක් ලෙස යොදාගත හැකි වීම

ව්‍යාපාරයකට මුදල් ගලා එන ප්‍රධාන මාර්ග



1. සාමාන්‍ය ව්‍යපාර කටයුතු වලින් ලබන ශුද්ධ ලාභය


2. කොටස් ණයකර නිකුත් කිරීමෙන්


3. ස්ථාවර වත්කම් විකිණීමෙන්


4. දිගු කාලීන ණය ලබා ගැනීමෙන්


5. ලාබාංශ හා පොලී ලැබීම් මගින්


ව්‍යාපාරයකින් මුදල් ගලා යාමේ ප්‍රධාන මාර්ග 



1. ස්ථාවර වත්කම් මිලදී ගැනීම


2. කොටස් / ණයකර නිදහස් කිරීම


3. ලාභාංශ ගෙවීම 


4. දිගු කාලීන ණය පියවීම


5. ආදායම් බදු ගෙවීම

(c) Shilpa Sayura Foundation 2006-2017