යම් කාලච්චේදයක් තුළ ව්‍යාපාරයක කටයුතු මූල්‍යනය කිරීම සදහා සම්පත් ලැබුණූ ආකාරයත් එම සම්පත් යොදවා ගන්නා ආකාරයත් සාරාංශ කර දක්වන ආකාරයෙන් පිළියෙල කරනු ලබන ප්‍රකාශ, අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ යනුවෙන් හැදින් වේ.
අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්දයෙන් ශ්‍රී ලංකා ගිණූම්කරන ප්‍රමිත අංක 09 (සංශෝධිත) අදාළ වෙයි.
(ඊට අමතරව එක්සත් රාජධානියේ වාර්තා කිරීමේ ප්‍රමිත අංක 01 සහ ජාත්‍යන්තර ගිණුම්කරන ප්රමිතීන් ද අදාල වෙයි. මේවා උසස්පෙළ විෂය නිර්දේශයට ඇතුළත් නැත.)
අරමුදල් යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
මුදල්, මුදල් හා සමාන වත්කම් හෝ කාරක ප්රාග්ධනය අරමුදල් යන්නෙන් අදහස් ෙකරේ.
අරමුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීමට බලපාන ප්‍රධාන හේතුව
අදාළ කාලච්චේදය තුළදී ව්‍යාපාරය විසින් උපයන ලාභය හෝ අලාභය එහි ලාභලාභ ගිණුම මගින් හෙළි කරයි. එමෙන්ම කාලච්චේදයේ අවසාන දිනට ව්‍යාපාරයේ මුල්‍ය තත්වය එනම් එදිනට ව්‍යාපාරයේ වත්කම් හා වගකීම්, ශේෂ පත්‍රය මගින් පෙන්නුම් කරයි. එහෙත් අදාළ කාලච්චේදය .තුළ ව්‍යාපාරයේ අරමුදල් තත්වයේ වෙනස් වීම් ද ඒවාට හේතුද ලාභාලාභ ගිණුම සහ ශේෂ පත්‍රය මගින් පැහැදිලිව හෙළිදරවි ෙනාවේ. එබැවින් ව්‍යාපාරය විසින් එහි අරමුදල් කෙසේ කළමනාකරනය කර ඇද්දැයි තේරුම් ගැනීම සදහා අරමුදල් ප්‍රවාහ ප්‍රකාශ නම් වූ තුන් වන ප්‍රකාශයක් අවශ්‍ය වෙයි.
ඒ අනුව අදාළ කාලච්චේදය තුළ වයාපාරයේ මුල්‍ය තත්වයේ වෙනස් වීම් ද ඒවාට හේතුද අරමුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීමෙන් අනාවරණය කර ගැනීමට පුළුවන් ය.