නිදසුන් 02
 

2002.01.01 දින කොළඹ ස්ටාර් සමාගම විසින් මාතර විජය සමාගම වෙත එකක් රු. 2,800 බැගින් වූ කැසට් රෙකෝඩර් 300ක් නියෝජන පදනම මත විකීණීම සදහා යැවීය. මේවායේ ඉන්වොයිස් මිළ තීරණය කර ඇත්තේ, පිරිවැ 40%ක් එකතු කිරීමෙනි. මෙම බාණ්ඩ ප්‍රවාහනය සදහා සුටාර් සමාගම විසින් පහත සදහන් වියදම් දරා ඇත.


ප්‍රවාහන වියදම් රු. 3,000යි. රක්ෂණ ගාස්තු රු. 900යි. පැටවුම් වියදම් රු. 4000යි.


කැසට් රෙකෝඩර් 20ක් අදාල වර්ගයේ ඒවා නොවූයෙන් විජය සමාගම විසින් භාර නොගෙන හරවා ඒවා තිබුණි. විජය සමාගම වාසාන් මේ සදහා රු. 500ක වියදමක් දරා ඇත.


තවද කැසට් රෙකෝඩර් සදහා අපේක්ෂිත ඉල්ලුම නොතිබු බැවින් කැසට් රෙකෝඩ 10ක් ද, ආපසු ඒවා තිබුණි. මේ සදහා විජය සමාගම විසින් රු. 300ක වියදම්ක් දරා ඇත.


2002 ගිණුම් වර්ෂයට අදාළව විජය සමාගම විසින් එවා තිබූ විකුණුම් විස්තරයේ පහත සදහන් තොරතුරු ඇතුළත්වේ.


එකක් රු. 2,800 බැගින් කැසට් රෙකෝඩර් 80ක් අත්පිට මුදලට ද එකක් රු. 3,500 බැගින් කැසට් රෙකෝඩ 50ක් ණයට ද විජය සමාගම විසින් විකුණා තිබූ අතර ප්‍රචාරණ වියදම් රු 1,000ක් ද, බෙදා හැරීමේ වියදම් රු. 2,000ක් ද, දරා තිබුණි. වර්ෂය තළදී රු. 100,000ක් ණයගැතියන්ගෙන් අයකරගෙන තිබුණි. කප‍ා හරින ලද ‍ෙබාල් ණය රු. 1,500ක් විය.


නියෝජන ගිවිසුම අනුව. විජය සමාගමට මුළු විකුණුම් වලින් 8% ක කොමිස් මුදලක් ද ණයට විකුණුම් වලින් 5% ක කැපකරු කොමිස් මුදලක් ද හිමි වේ.


විජය සමාගම විසින් තමන්ට හිමි කොමිස් ද, දැරූ වියදම් ද, අඩු කර ගෙන ඉතිරි මුදල ස්ටාර් සමාගම වෙත එවන ලදී. විජය සමාගමේ පොත් වල නියෝජනයට ආදාළ ගිණුම් පෙන්වන්න.


2.2 විසදුම


නියෝජ්‍යායාගේ පොත් :-


                                      ස්ටාර් සමාගම







                                                  රුපියල්
මුදල් (ආපසු යැවිමේ වියදම්)             500
මුදල් (ආපසු යැවිමේ වියදම්)             300
මුදල් (ප්‍රචාරණ වියදම්)                   1,000
මුදල් (බෙදා හැරිමේ වියදම්)           2,000
කොමිස් (8% කොමිස්)                 31,920
කොමිස් (5% කැපකරු කොමිස්)    8,750
මුදල් (ප්‍රේෂණය කළ මුදල්)        281,030
ශේෂය ප / ගෙ                             73,500
                                              
                                                 399,000

                                                රුපියල්
මුදල් (අත්පිට විකුණුම්)              224,000
ණයගැතියෝ (ණයට විකුණුම්)   175,000


 


 


 


                                                  399,000
                                                    73,500


                                      ණයගැතියෝ







                                         රුපියල්
ස්ටාර් සමාගම                     175,000

                                           175,000
ශේෂය ඉ / ගෙ                       73,500


                                             රුපියල්
මුදල්                                        100,000
බොල් ණය                                   1,500
ශේෂය ප / ගෙ                            73,500
                                                175,000


                                      ලැබු කොමිස් ගිණුම







                                 රුපියල්
ලාභලාභ ගිණුම          40,670

                                 40,670


                                                            රුපියල්
ස්ටාර් සමාගම (8% කොමිස්)                  31,920
ස්ටාර් සමාගම (5% කැපකරු කොම්ස්)     8,750
                                                              40,670


‍                                      බොල් ණය ගිණුම







                                     රුපියල්
ණයගැතියෝ                   1,500

                                  රුපියල්
ලාභලාභ ගිණුම            1,500


පෙර වැඩ


අත්පිට විකුණුම් = 2,800 × 80 = 224,000
ණයට විකුණුම් = 3,500 × 50 = 175,000
මුළු විකුණුම් = 224,000 + 175,000 = 399,000
කොමිස් (8% කොමිස්) = 399,000 × 8% = 31,920
කොමිස්(5%කැපකරු කොමිස්) = 175,000 × 5% = 8,750

(c) Shilpa Sayura Foundation 2006-2017