නියෝජන වෙළෙද කටයුතු සම්බන්දයෙන් නියෝජ්යයාගේ පොත් වල ගිණුම් තැබීමේ මූලික අරමුණ නියෝජ්‍යයා විසින් නියෝජකයාට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ගණනය කිරීමය. නියෝජ්‍යයා විසින් නියෝජකයා නමින් පිළියෙල කෙරෙන පුද්ගල ගිණුම මගින් මෙම මුදල් ප්‍රමාණය ගණනය කෙරේ.
නියෝජන ගනුදෙනු වලට අදාළ ව නියෝජ්යයාගේ ගිණුම් පොත් වල ඇතුළත් කෙරෙන ද්විත්ව සටහන්
නියෝජන භාණ්ඩ සම්බන්දයෙන් නියෝජ්‍යයා ගෙවන වියදම්
නියෝජකයාගේ ගිණුම හර
මුදල් පොත බැර
නියෝජ්‍යයා විසින් නියෝජකයාට ගෙවන අත්තිකාරම් මුදල
නියෝජකයාගේ ගිණුම හර
මුදල් පොත බැර
නියෝජන භාණ්ඩ අත්පිට විකුණුම්
මුදල් පොත හර
නියොජකයාගේ ගිණුම බැර
නියෝජන භාණ්ඩ ණයට විකුණුම්
නියෝජන ණයගැති ගිණුම හර
නියෝජකයාගේ ගිණුම බැර
නියෝජන ණයගැතියන්ගේ නියෝජ්යයාට කෙළින්ම මුදල් ලැබීම
නියොජකයාගේ ගිණුම හර
නියෝජන ණය ගැති ගිණුම බැර
නියෝජ්යයාට හිමි සියලුම කොමිස්
නියෝජකයාගේ ගිණුම හර
කොමිස් ගිණුම බැර
බොල් ණය හා වට්ටම්
සාමාන්‍ය නියොජිතයෙකු නම්,
නියෝජකයාගේ ගිණුම හර
නියෝජන ණයගැති ගිණුම බැර
කැපකරු නියෝජිතයෙක් නම්,
බොල් ණය / වට්ටම් ගිණුම හර
නියෝජන ණයගැති ගිණුම බැර
නියෝජ්යයාගේ ගැනිලි
ගැනිලි ගිණම හර
නියෝජකයාගේ ගිණුම බැර
නියෝජ්‍යයා විසින්නියෝජකයාට ගෙවන මුදල
නියෝජකයාගේ ගිණුම හර
මුදල් පොත බැර
සැ. යු.
නියෝජකයාගේ භාණ්ඩ ලැබීම්, භාණ්ඩ ආපසු යැවීම්,අවසාන තොග සටහන් කිරීම් යන සටහන් නියෝජ්යයාගේ පොත් වල සටහන් කීරීම අවශ්‍ය නොවන බව සලකන්න.